මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිපිටි නිෂ්පාදනය වැඩි කරන්න සැලසුමක්

    නොවැම්බර් 13, 2015
    ශ‍්‍රි ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කරන යුගය ආරමිභ වී ඇතැයි ග‍්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
    නාරාහේන්පිට ජානකී ශාලාවේදී ජාතික කිරි මණ්ඩලයෙහි ප‍්‍රාදේශීය අලෙවි නියෝජිතයන් මුණගැසෙමින් ඒ මහතා මේ බව  පැවැසීය.
     
    එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා, අබේවෙල අළුත් කර්මාන්ත ශාලාව අපිට ලබන මාර්තු වෙනකොට පටන් ගන්න පුළුවන්. එතකොට අපට පුළුවන් තව කිරි ලීටර් ලක්ෂ 2 ක්  පිටි කරන්න දවසකට.2017 විතර වෙනකොට බඩල්ගම කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් තවත් කිරි ලීටර් ලක්ෂ 2 ක් විතර දිනකට ඒ කර්මාන්ත ශාලාවෙන් පිටි බවට පත් කරන්න පුලුවන්.
     
    එතකොට එක් පැත්තකින් කිරි පිටි ටික වැඩි කරගන්න පුලුවන් වෙයි.බටර් නිෂ්පාදනය වැඩි කරගන්න පුලුවන් වෙයි.තවමැෂින් ගෙනත් අයිස්ක්‍රිම් නිෂ්පාදනය වැඩි කරගන්න.අයිස්ක්‍රිම්, බටර්, කිරි පිටි පවුඩර් වල විතරක් නොවේ,අපි බලාපොරොත්තු වෙනව මිල්කෝ සමාගමත් අපේ අමාත්‍යංශය යටතේ තියන NLDB ආයතනයත් එක්ක කථා කරල පෙට්රා පැක් එක ගහන්නත්. ඒ වගේම මේ නියෝජිතයන් හරහාම ඒවා වෙළදපොලට ලබා දෙන්නත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනව.
     
    ඒ වගේම ඔබතුමාලාගේ අදහස්, ආයතනය පැත්තෙන් තියෙන අඩුපාඩු මොනවද කියල කියන්න අකමැතිනම් ලිඛිතව හෝ  ගේන්න කියල මම කිව්ව.ඒ අඩු පාඩු හරිගස්සල දුන්නොත් තමයි මේ ආයතනය දියුණු කරන්න පුළුවන් වෙන්නේ.මට ඕන අපේ ආයතනය දියුණු කරන්නත් වගේම රටට යමක් කරන්නත්.ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ලැස්තියි. සැප්තැම්බර් ඔක්තොම්බර් වෙනකොට තමයි රටේ කිරි නිෂ්පාදනය වැඩි වෙන්නේ.පහුගිය කාලේ අපේ සමාගමේ කිරි පිටි නිෂ්පාදනය කරන්න බැරි තරමට අපිට කිරි ලැබුන නිසා ඒව වෙන වෙන සමාගම් වලට ලබා දෙන්න සිදු වුණා යයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
     
    රුපියල් 60 ට තිබුනු කිරි මිල්කෝ සමාගම මගින් රුපියල් 70 දක්වා වැඩි කෙරුව.ඒ නිසා විශාල  පිරිසක්  අද යොමුවෙලා තියෙනව මිල්කෝ සමාගමට කිරි දෙන්න.සාමාන‍්‍යයෙන් රටේ නිෂ්පාදනයෙන් 30% -35% ත් අතර දැන් මිල්කෝ සමාගම කිරි ගන්න තත්වයට දැන් පත්වෙලා තියෙනව. NLDB ෆාම් වලට ඕස්ට්‍රේලියාවෙන් හරක් 4,000 ක් පමණ මේ වන විට 
    ගෙනත් තියෙනව.අපි බලාපොරොත්තු වෙනව ලබන අවුරුද්ද තුල තවත්  හරක් 20,000 ක් ගේන්න.විශේෂයෙන්ම ගම්මට්ටමේ ගොවීන්ගේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න, කිරි පවුඩර් නිෂ්පාදනය වගේම අනෙක් අතුරු පල නිෂ්පාදනයත් වැඩි කරන්නත් ලැහැස්ති කරල තියෙනව.එහෙම වුනොත් විදේශීය සමාගම් වලින් ගේන කිරි පිටි අඩු කරල දේශිය වශයෙන් පිරිසිදු කිරි පිටි පවුඩර් ටිකත් නැවුම් කිරි භාවිතයටත් හුරු කරගන්න පුළුවන් වෙයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව යයිද පැවසීය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya