අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන ඇමැති අකිල යුනෙස්කෝ විධායක මණ්ඩලයට පත් වෙයි

    නොවැම්බර් 13, 2015

    ශ්‍රී ලංකා යුනෙස්කෝ මහ සමුඵවේ විධායක මණ්ඩලය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අති බහුතර ඡන්ද ලබා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තේරි පත්වී ඇත.

    ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානයේ දී පසුගිය 11 වැනි දා පැවැති 38 වන යුනෙස්කෝ මහ සමුළුවේ විධායක මණ්ඩලය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් තරඟ කළ අධ්‍යාපන අමාත්‍ය හා ශී‍්‍ර ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සභාපති නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා යුනෙස්කෝ සාමාජික රටවල් අතරින් ඡන්ද 149 ක් වන 80‍% කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් යුනෙස්කෝ විධායක මණ්ඩලය සඳහා තේරී පත්විය.

    යුනෙස්කෝ විධායක සභාවේ ශී‍්‍ර ලංකාවට නියෝජනය ලැබීමෙන් අත්වන ප‍්‍රයෝජන අතිමහත්ය.

    ඒ අතරින්, විදේශ ණය බැඳීම්වලින් තොර හුදෙක් ආධාර ලෙස පමණක් වන අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික ක්ෂේත‍්‍රයන් සඳහා ව්‍යාපෘති ලබාගැනීමේ හැකියාව, අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික අංශ සඳහා වරින්වර සැලසුම් කොට කි‍්‍රයාත්මක කරනු ලබන ජාත්‍යන්තර පුහුණුවීම් වලට අවස්ථාව ලබාදීම හා ශී‍්‍ර ලංකාව වැනි රටක් උසස් අන්දමින් හඳුනා ගැනීමෙන් හා පිළිගැනීමෙන් ලැබෙන ජාත්‍යන්තර ගෞරවය මෙහිදී ඉතා වැදගත් වේ.

    යුනෙස්කෝ සාමාජික රටවල් අතරින් ඡන්ද 149 ක් වූ ඉහළ ඡන්ද ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබා ගැනිමට සමත් වූ අතර මෑත ඉතිහාසයේ 1968 වසරේ සිට අද දක්වා ශ‍්‍රී ලංකාවෙන් ඉදිරිපත්ව මෙම තනතුර සඳහා ලබාගත් ඉහළම ඡන්ද ප‍්‍රමාණය වේ.

    මෙම වසරේ සිට 2019 දක්වා වන සිව් වසර සඳහා ජාත්‍යන්තර වශයෙන් මෙකී තරගයට ඉදිරිපත් වූ ඡන්ද අපේක්ෂකයන් අතරින් මෙන්ම තේරි පත්වූ සාමාජිකයින් අතරින්ද ලබාලතම පුද්ගලයා වන්නේ ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya