මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් කුරුදු වගා කරුවන් නගා සිටුවීමට වැඩපිළිවෙලක්.

    නොවැම්බර් 14, 2015
    ගාල්ල දිස්ත්‍රික් කුරුදු වගා කරුවන්ගේ වත්මන් තත්වය හා ආයෝජන තත්වයන් පිළිබඳව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ප්‍රථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණ.
    එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා, ඉදිරි වසර 05 තුළ ඩොලර් බිලියනයක ආදායමක් කුරුඳු නිශ්පාදනය මගින් ඉපයීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා කඩිනමින් විධි විධාන සකසන බවත් ඒ සඳහා කොළඹ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථායේ කාර්යාලයක් ස්ථාපිත කරන බවටත් ඒ සඳහා වැවිලි කරුවන්ගේ ඝෘජු දායකත්වය ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් පැවසීය.
     
    හෙක්ටයාර් 32,500 ක කුරුඳු වගා කිරීම මගින් මෙට්‍රික් ටොන් 19,000 ක් නිෂ්පාදනය කෙරේ.
     
    ගාල්ල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මෙම සාකච්ඡාව සංවිධානය කොට තිබුණු අතර මේ අවස්ථාව සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බස්නාහිර හා දකුණු පළාත් අධ්‍යක්ෂ ජනරාල් ශාන්තා සෙනවිරත්න මහත්මිය ඇතුළුව නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
     
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya