අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර සංස්ථාවෙන් මාලු වෙළඳුන්ට තිබෙන ණය එකවර ලබාදීමේ සැලසුමක්

    නොවැම්බර් 14, 2015
    ධීවර සංස්ථාවට මාලු වෙළදුන් මාලු ලබාදෙන්නේ බිල් පියවීමේ ක්‍රමයට බැවින්, එම ණය එකවර ඔවුන්ට ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සදහා තමාට යම් කාලසීමාවක් ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාලු වෙළදුන්ගෙන් ඉල්ලීමක් කළේය.
    ඔහු මෙසේ සදහන් කළේ, පසුගියදා පෑළියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළද පොළ නිරීක්ෂණ චාරිකාවට එක්වූ අවස්ථාවේදී මාලු වෙළෙන්දන් විසින් පසුගිය කාලයේ ධීවර සංස්ථාවට ලබාදුන් මාලුවල මුදල් මෙතෙක් ඔවුන් වෙත නොලැබුණු හෙයින්, එම මුදල් ලබාදීමට මැදහත් වන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදීය.
    එහිදී ඔවුන් අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,බිල් පියවීමේදී පවා ධීවර සංස්ථාවේ සමහර නිළධාරින් හා සේවකයන් මුදල් වංචාවල නිරත වන බව තමාට දැනගන්නට ලැබුණු බවත්, එසේ මුදල් වංචාවල යෙදුණු අය පිළිබදව වහාම තමාට දැනුම් දෙන ලෙසත්, ඔවුන්ට නීතිමය රාජකාරී කිරීමට පසුබට නොවන බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.
    ධීවර සංස්ථාවේ නිලධාරීන් අමතා අමාත්‍යවරයා කියා සිටියේ, මාලු වෙළදපොළ පවත්වාගෙන යාමේ වගකීම දැඩි ලෙස දැරිය යුතු අතර, ප්‍රමිතියෙන් තොර මාලු වෙළදපොළ තුළට රැගෙන එන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, උපදෙස් ලබාදුනි. එමෙන්ම වාහන තදබදය අවම කිරීමටත්, මත්ස්‍ය වෙළ‍දපොළ භූමියේ පිරිසිදුභාවය පිළිබදව වගකීමෙන් සොයා බලන ලෙසත්, අමාත්‍යවරයා පැවසීය.
    තවද තහනම් පන්න ක්‍රම භාවිතා කර අල්ලන මසුන්, පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි ඇති අතර, ඒ පිළිබදව සොයා බලන ලෙස නාරා ආයතනයේ නිළධාරීන්ට හා ධීවර සංස්ථාවේ නිළධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.
    මෙම අවස්ථාවට පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළදපොළ පරිපාලන සම්බන්ධීකාරක ලලනි සන්ධ්‍යානි මිය, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළදපොළ කළමණාකරු බන්දුල සියඹලාපිටිය, පෑළියගොඩ මත්ස්‍ය වෙළදපොළ වෙළද ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ, එම සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි ඇතුලු පිරිසක් සහභාගී විය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya