මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක්

    නොවැම්බර් 13, 2015
     
    ධීවර වරායන් ආශ්‍රිතව ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.
    පවතින දැඩි රථවාහන තදබදයට විකල්පයක් ලෙස මෙම බෝට්ටු සේවාව යොදා ගැනීමට අපේක්ෂා කරන අතර එවැනි ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට අදාළව යෝජනා කිහිපයක් තමන් වෙත ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.  මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මුහුදු බඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම බෝට්ටු සේවාව ප්‍රචලිත කිරීම පහසු වන බවය. ජනතාවට මගී ප්‍රවාහනයේ වැඩි පහසුකම් සැලසීමටත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද ධීවර වරායන් ආශ්‍රිතව ආරම්භ කිරීමට යෝජිත මෙම බෝට්ටු සේවාව යොදාගත හැකි වීමෙන් ජනතාවගේ ප්‍රවාහන ගැටලුවට ඵලදායි විසඳුමක් සපයනු ඇති බවත් අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ අදහස.
     
    ධීවර කර්මාන්තය ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදාළව ලෝක සංචාරක ව්‍යාපාරයේ ප්‍රවීනයන් වන චීන නියෝජිතයින් හා අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අතර පැවතී සාකච්ඡාවේදී ද මෙම ප්‍රවාහන බෝට්ටු සේවාව පිළිබඳ අවධානය යොමුවිය. එහිදී මෙම ප්‍රවාහන බෝට්ටු සේවාව සඳහා ද සහය ලබා දීමට චීන නියෝජිතයෝ කැමැත්ත පල කළහ. මෙය සංචාරක ක්ෂේත්‍රයේද දැඩි ආකර්ශනයක් දිනාගනු ඇත.
     
    ධීවර වරායන් ආශ්‍රිතව මගී ජනතාවට පහසුකම් සහිතව, පරිසරයේ සුන්දරත්වය විදිමින් සිය ගමන් පහසුව සලසා ගත හැකි පරිදි ලෝකයේ සෙසු රටවල් වල ක්‍රියාත්මක මෙවැනි මගී ප්‍රවාහන බෝට්ටු සේවා කෙරෙහි අවධානය යොමුකර අදාළ බෝට්ටු සේවාව ආරම්භ කිරීම අමාත්‍යවරයාගේ අදහසයි.
     
    රට වටාම ධීවර වරායන් ස්ථාපිතව ඇති බැවින් රටම ආවරණය වන පරිදි මෙම බෝට්ටු සේවාව සඳහා පහසුකම් සැළසීමට හැකිවන බවත් රට අභ්‍යන්තරයට මෙම ප්‍රවාහන බෝට්ටු සේවාව ව්‍යාප්ත කිරීම සඳහා ද ඉදිරියේදී සැලසුම් කරන බව සඳහන් කල අමාත්‍යතුමා පෙන්වා දුන්නේ එය මෙරට ප්‍රවාහනයේ නව පෙරලියක් සිදුකරනු ඇති බවය.
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya