අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය WT1190F ආකාශ වස්තුව නිරීක්ෂණය කරයි

    නොවැම්බර් 13, 2015

    WT1190F ලෙස නම්කර ඇති මෙම ආකාශ වස්තුව තංගල්ල ප්‍රදේශයෙහි සිට අද (13) නිරීක්ෂණය කිරීමට සුදානම් බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.


    නියමිත වේලාවට පැය දෙක තුනක කාල පරාසයකට සිට නිරීක්‍ෂණය කිරීම වඩාත් සුදුසු බවත් එනම් දවල් 10.00 සිට 12.30 දක්වා කාලය තුළ නිරීක්ෂණය කෙරෙන බවත් ග්‍රහලෝකාගාරය පවසයි.

     

    අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් නොවැම්බර් 13 වෙනි සිකුරාදා දවල් 11.45ට පමණ ශ්‍රී ලංකාවෙහි දකුණු මුහුදු වෙරළෙහි සිට සැතපුම් 62ක් පමණ දුරින් මුහුදට වැටෙන බව සොයාගෙන තිබේ.

     

    මෙම ආකාශ වස්තුව මිනිසා විසින් යවන ලද රොකට්ටුවක කොටසක් හෝ 1960,70 ගනන් වල හඳට යවන ලද ඇපලෝ යානයක කොටසක් යැයි විශ්වාස කෙරේ.

     

    මෙහි ප්‍රමාණය මීටර දෙකක් පමණ, (අඩි 6 ,5ක් පමණ) වන අතර මේ රොකට් කැබැල්ල නිරීක්ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝකයකින් මුහුදට වැටෙතැයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙහි පෘථිවියට ආසන්න ආකාශ වස්තූන් අධ්‍යයනය කරන මධ්‍යස්ථානය පවසයි.මෙයින් වැඩි කොටසක් පෘථිවි වායුගෝලයේදී දැවී යන අතර ඉතිරි කොටසයි මුහුදට වැටෙතැයි විශ්වාස කෙරේ.

     

    මෙය ස්වාභාවික ආකාශ වස්තුවක් නොවේ. රොකට්ටුවක කොටසක් කියල මෙම මධ්‍යස්ථානය තහවුරු කළේ මෙහි ගමන් වේගය අධ්‍යයනය කිරීමෙන් සහ ඝනත්වය අනුවයි. විද්‍යාඥයින්ට මෙවැනි ආකාශ වස්තුවක් පෘථිවි වායු‍ගෝලය සමඟ ගැටීම අධ්‍යයනය කිරීමට ලැබුණු අවස්ථාවක් බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya