අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ ලක්මවගෙන් සමුගනිති

    නොවැම්බර් 12, 2015

    රට ජාතිය ආගම වෙනුවෙන් අනූපමේය සේවයක් ඉටුකළ, සැමවිට සැමට එකසේ ප්‍රජාතන්ත්‍රවාදය,යහපාලනය ප්‍රාර්ථනා කළ මහ සංඝ පීතෘවරයකු වූ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (12) ලක්මව හඬවා දැයෙන් සමුගත් හ.


    පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය, පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපස පිහිටි ආදාහන භූමියේ දී අද (12) සවස පැවැත්විණි.
    ආගමික වතාවත්වලින් අනතුරුව ,රාජ්‍ය ගෞරව සහිතව, ත්‍රිවිධ හමුදා ආචාර පිදීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදානය සඳහා චිතකයට වැඩම කරවූවේ ය.

    ආදාහනය සිදුකෙරෙන අවස්ථව දැකබලාගැනීමට පැමිණි අතිවිශාල ජනතාවක් සංවේගයට පත්ව සිටින අයුරු දැකගත හැකිවිය.


    මෙම ආදාහන පූජොත්සවය සඳහා අතිපූජ්‍ය මහා සංඝරත්නය , අන්‍ය ආගමික පූජක ප්‍රසදීන් වහන්සේලා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
    මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විදේශ
    තානාපතිවරුන්,පාසල් සිසු සිසුවියන්, දේපාලන නියෝජිතයන් නන්දෙසින් පැමිණි බැතිමතුන් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.

     

    maduluwe

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya