මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රටේ සාධාරණ සමාජයක් තිබිය යුතුයි කියා අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ විශ්වාස කළා

    නොවැම්බර් 12, 2015

    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ රටේ ජනතාවට ජීවත් වෙන සමාජයක් බිහිකරන්නට, නීතිය රජකරන, ජනතා පරමාධිපත්‍ය රජකරවන්න උත්සහ කළා. මේ රටේ සාධාරණ සමජයක් තිබිය යුතුයි කියා උන් වහන්සේ විශ්වාස කළා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අමතමිනි.

     

    අද මේ රටේ ඉතිහාසයේ පළමු වරට සාමන්‍ය පුරවැසියෙකුට රාජ්‍ය සම්මන ඇතිව අවසන් ගෞරව දක්වනවා. උන් වහන්සේ නිකායක
    මහනායකවහන්සේ නමක් නොවේ. රාජ්‍ය නායකයෙක් නොවේ. උන් වහන්සේ ධානපතියෙක් නොවේ. මේ රටේ පුරවැසියෙක්, සංඝ සමාජයේ සාමාජිකයෙක්.


    බුදුන් වහන්සේගේ අඩිපාරේ යමින් දේශන කරමින් ජනතා මනස සහයෝගය දිනාගත්තා. දසක හතරකට වැඩි කලක් දේශනා කළා.
    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ රටේ ජනතාවට ජීවත් වෙන සමාජයක් බිහිකරන්නට, නීතිය රජකරන, ජනතා පරමාධිපත්‍ය
    රජකරවන්න උත්සහ කළා. මේ රටේ සාධර්න සමජයක් තිබියයුතුයි කියලා උන් වහන්සේ විශ්වාස කළා.


    ඒ සමාජය ලබාගන්න උන්වහන්සේ දේශනා කළා.උන් වහන්සේගේ පණිවුඩය සෑම ශ්‍රී ලාංකිකයකුටම බලපෑවා. මේ සියලු දෙනාම
    එකතුකරගන්නයි උන් වහන්සේ ක්‍රියාකළේ. කිසි කාරණයකට බය වුණේ නෑ. සෞඛ්‍ය ගැන හිතන්නේ නැතිවත් අවසන් වර්ෂයෙත් ක්‍රියාකළා.

    අතිපූජ්‍ය සෝභිත හිමි බාලාපොරොත්තු වූ යහපාලනය ඇති කරන්නට කටයුතු කළා.ඒ සියල්ල ක්‍රියාකරන්න පෙර අපෙන් සමුගත්තා.
     සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම විශාල පාඩුවක්. උන් වහන්සේ බලාපොරොත්තු වූ සාධර්ණ සමජයක් ඇති කිරීමට අප
    සියලු දෙනා කෑ වී සිටිනවා.උන් වහන්සේට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථන කරනවා ''යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

     

    යුක්තිය උදෙසා සටන්වලට නායකත්වය ගත්තා

    කතානායක කරූ ජයසූරිය මහතා

    අතිපූජ්‍ය සෝභිත හිමියන්ගේ අපවත්වීමෙන් මුළු මහත් සමාජයම කම්පා වුණා. පැවැදි ජීවිතයට වසර හැටයි. උන් වහන්සේ වෙනුවෙන් අන්‍යගමිකයන් විශාල වශයෙන් අවසන් ගෞරවයට පැමිණියා. යුක්තිය උදෙසා සටන්වලට නායකත්වය ගත්තා. අරමුණ සාධාරණ නම් උන් වහන්සේ එතැන හිටියා.අධිෂ්ඨාන ශීලීත්වය නොසැලෙන ගුණය උන් වහන්සේට තිබුණා.

     

     

    අතිපූජ්‍ය සෝභිත හිමිගේ අපවත්වීමේ පුවත අසා සෝකයට පත්වුණා.

    විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා-( ශෝක ප්‍රකාශය )

    අතිපූජ්‍ය සෝභිත හිමිගේ අපවත්වීමේ පුවත අසා සෝකයට පත්වුණා. යුක්තිය වෙනුවෙන් අභිතව සටන් වැදුණු ගෞරවණිය නමක් දිනු
    හිමිනමකි.බෞද්ධ අගමේ මෙන්ම ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් ජීවිතය කැප කරමින්,අනෙක් ආගමිකයන්ගේ ගෞරවය දිනාගැනීමට
    සමත්විය. ජනතාව යහ්මගට යොමුකිරීමට නිරන්තරයෙන් කැපවී කාර්යභාරය මැනවින් ඉටුකළ සංඝ පිතෲවරයෙකි.

     

    සෝභිත හිමියෝ මේ රටේ ජාතික සමඟියේ සංහිදියාවේ සළකුණක්

    අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා


    සෝභිත හිමියෝ මේ රටේ ජාතික සමඟියේ සංහිදියාවේ සළකුණක්.අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා කතානායකතුමාගේ උපදෙස්
    පරිදි උන් වහන්සේට උපරිම ගෞරව දැක්වීමට හැකි පමණින් කටයුතු කළා. උන් වහන්සේට නිවන් සුව අත්වේවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya