මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදාහන පූජෝත්සවය ආරම්භ වෙයි

    නොවැම්බර් 12, 2015

    අපවත්වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් මහා සංඝරත්නය පෙරටුකර ගත් ආදාහන පූජෝත්සව පෙරහැර මේ වන විට පාර්ලිමේන්තුව ඉදිරිපිට ආදාහන පරිශ්‍රයේ විශේෂ පීටිකාව වෙත ළඟා විය.

    පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වෙන දේහය ආදාහන පූජොත්සවයට වැඩමකරවන අවස්ථාවට අතිවිශාල ජනතාවක් උන් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට මඟ දෙපස රැස්ව සිටියහ.

     

    මෙම ආදාහන පූජොත්සවය සඳහා අතිපූජ්‍ය මහා සංඝරත්නය , අන්‍ය ආගමික පූජක ප්‍රසදීන් වහන්සේලා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විදේශ තානාපතිවරුන්,පාසල් සිසු සිසුවියන්, දේපාලන නියෝජිතයන් නන්දෙසින් පැමිණි බැතිමතුන් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.

    unnamed 9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya