අයදුම්පත් 11,601 ක් අතුරින් සුදුසුකම් ලැබූ 2,900ක් මේ වන විට තෝරා ගෙන ඇත, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව එම බඳවා ගැනීම් ක්‍රියත්මක කිරීමට නියමිතය.
හෙද හා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් අතර පවතින අර්බුදය අවසන් කිරීම සඳහා ඉදිරියේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධාත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට ද නියමිත අතර, එහිදී එම ගැටළු සකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමට නියමිත ය.
වෛද්‍ය, හෙඳි, පවුල් සෞඛ්‍ය නිලධාරීනී ඇතුළු සියලු රෝහල්වල පවතින නිලධාරී හිඟය සහ කාර්ය මාණ්ඩල අනුමත සංඛ්‍යාව පිළිබඳ වර්තාවක් සතියක් තුළ තමා වෙත ලබා දෙන ලෙස මෙහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධක්ෂක ජනරල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු පිරිසක් සහභාගී වූහ.