අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් දැවැන්ත පා ගමනක්

    නොවැම්බර් 12, 2015

    ලෝක දියවැඩියා දිනය යෙදී ඇති ලබන 14 වැනි දින කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 7.00ට පා ගමනක් ආරම්භ වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ලෝක දියවැඩියා දිනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම පා ගමන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව දක්වා ගමන් කිරීම සිදු වන අතර මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට නියමිතය.

    මහනුවර, ගාල්ල සහ මඩකළපුව හා කුරුණෑගල යන නගරවල ද මීට සමගාමීව පාගමන් පැවැත්වීමට නියමිතයි.

    පාගමනින් පසුව ඊට සමගාමීව ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණ පැවැත්වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා බෝනොවන රෝග හේතුවෙන් ශ්‍රී ලංකාවේ 65%ක් වර්ෂයකට මිය යන බව ද සඳහන් කළේය.

    එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දෙන්නේ 71%ක් හා 75%ක් බෝනොවන රොගීන් සිටින බවයි.

    මෙදින බණ්ඩානායක ප්‍රදර්ශන භූමිය තුළ වෛද්‍ය සායන ද නොමිලේ පැවැත්වෙන බව දියවැඩියා හා හෝමෝන වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා මෙහිදී පැවැසීය. ‘දියවැඩියාවෙන් තොර ශ්‍රී ලංකාවක්‘ යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගයෙන් මුදවා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් කටුලන්ද මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya