අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට තෙදිනක මදුරු මර්දන වැඩසටහනක්

    නොවැම්බර් 12, 2015

    අද (12) සිට දීප ව්‍යාප්ත තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

     ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පවතින වැසි සහිත කාලගුණයත් සමග සමග ඩෙංගු අවධානම ඉහළ යා හැකි බැවින් මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ජනාධිපති ඩෙංගු කාර්යසාධක බලකාය ඒකාබද්ධව හෙටින් ආරම්භ වන මෙම ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ඩෙංගු මර්දන කමිටු, පොලීසිය හා ත‍්‍රීවිධ හමුදාවේ ද සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    2015 වසරේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 23,139 ක් වාර්තා වී ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් 1591 ක් ද, සැප්තැම්බර් මාසයේ 1091 සහ පසුගිය ඔක්තෝබර් මාසයේ 1961 වශයෙන් වාර්තා වී ඇත.

    ඒ අනුව ඔක්තෝබර් මාසයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති අතර, ඉන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 750 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා පෙන්වා දෙයි.

    මේ වනවිට සමස්තයක් වශයෙන් ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් දක්නට ඇති නමුත් කොළඹ දිස්ත‍්‍රීක්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීම ද මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙළිහි අරමුණයි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මීට ඉහත දී මාදිවෙල පිහිටි පාර්ලිෙමින්තු මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ ඩෙංගු මදුරු කීටයන් හමු වූ බැවින්, එම නිවාස සංකීර්ණ පරිශ‍්‍රය සති දෙකකට වරක් පරීක්ෂා කිරීමටත්, දූමායන කටයුතු සිදු කිරීමටත් ෙමි වනවිට පියවර ගෙන තිබෙන බවයි. එමෙන්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවත්වාගෙන යන්නන්ට නීති ක‍්‍රීයාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

    හෙටින් ආරම්භ වන මෙම ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබාදෙන මෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya