අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ඇති කිරීමට කටයුතු කරනවා- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

    නොවැම්බර් 09, 2015
    මෙම මස 13 වන දින යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් පැමිණීමෙන් අනතුරුව යුරෝපා මත්ස්‍ය තහනම 2016 වසරේ මුල් මාස කිහිපයේදී ඉවත් කර ගැනීමට හැකිවන බවත්, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්වනවාත් සමගම ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා වැඩි කිරීමට කටයුතු කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
    ඔහු මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී පිහිටුවනු ලැබූ ධීවර හා ජලජ සම්පත් උපදේශක 
    සභාවට සහභාගී වූ අවස්ථාවේදීයි.
    අප රටට පනවා ඇති යුරෝපා මත්ස්‍ය තහනම හේතුවෙන් ධීවර කර්මාන්තයේ පසුබෑමක් ඇතිවිය. ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ආරාධනා කරන බවත්, කරදිය මෙන්ම මිරිදිය ධීවර කර්මාන්තයේද ව්‍යාපෘති සකසා ඒ සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත්, අමාත්‍යවරයා සඳහන් කරයි.
     
    මුහුදු කූඩැල්ලන්, පොකිරිස්සන්, ආදී වඳවෙමින් යන මත්ස්‍ය විශේෂ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු අතර, එම 
    මත්ස්‍ය විශේෂ අභ්‍යන්තරව සකස් කළ හැකි ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමුකරන බව සඳහන් කරන අමාත්‍යවරයා 
    තල්මසුන්, මුහුදු ඌරා, ඩොල්පින්, මඩුවා, කස මෝරා, කැස්බෑවන් ආදී සත්ව විශේෂ සංරක්ෂණය කළ යුතු බවද, ධීවර 
    ක්ෂේත්‍රය සම්බන්ධ කරගෙන සංචාරක ව්‍යාපාරය  දියුණු කළ හැකි බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
     
    මාස 03කට වරක් රැස්වන මෙම උපදේශක සභාව 2013 වර්ෂයෙන් පසු රැස්වූ පළමු අවස්ථාවයි. ධීවර හා ජලජ සම්පත් උපදේශක සභාවේ සභාපති ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අදිකාරී මහත්මියද, ලේකම් ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සැලසුම් හා අධීක්ෂණ අධ්‍යක්ෂ භාරත රාමනායක මහතාද නිල බලයෙන් පත්විය. තවද ධීවර ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනවල සාමාජිකයන්ද මීට ඇතුළත්ය. 
     
    ධීවර ක්ෂේත්‍රයේ තිබෙන විසඳා ගැනීමට නොහැකි ගැටලු සොයා බලා ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් උපදේශක සභාවේ සාමාජිකයන්ට උපදෙස් ලබාදෙන ලදි.
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම්, ඩම්.එම්.එම්.ආර්. අදිකාරී මහත්මිය ඇතුලු ආයතන ප්‍රධානීන් සහභාගී විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya