අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාර පහසු කිරීමේ සංසදයේ රැස්වීම කල් යයි

    නොවැම්බර් 09, 2015

    අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳ පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහ සහිතව පැවැත්වෙන ආදාහන පූජෝත්සවය හේතුකොටගෙන නොවැම්බර් 12 දා පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාපාර පහසු කිරීමේ සංසදයේ 5 වන රැස්වීම එදින නොපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය දැනුම් දෙයි. එදින ජාතික ශෝක දිනයක් ලෙස ද රජය විසින් ප‍්‍රකාශයට පත් කොට ඇත.

    මෙරට ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර කටයුතු වලදී මුහුණ දෙන ගැටළුවලට එසැනින් විසඳුම් ලබාදීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම 12 වන දින ප.ව. 2.00 ට කොළඹ කොටුවේ පිහිටි මිලෝදා මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

     

    මෙම රැස්වීම නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya