මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක්

    නොවැම්බර් 09, 2015
     
    ශ්‍රී ලංකාව ලෝක වෙළද පොල තරණය කිරීම හරහා ඉදිරියට යායුතු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද 
    සිල්වා මහතා පවසයි.
    ඒ මහතා මෙසේ පැවසුයේ අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත්  කිරීමේ සාකච්ජාවේදීය.
     
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු  හර්ෂද සිල්වා මහතා, ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යාම කළ යුතුයි. ඉහළ තරඟකාරීත්වයකින් යුත් වෙළඳපොලක් ඇති කිරීම , අපනයන ආර්ථිකය හරහා රටේ ආර්ථික සංවර්ධනය  ඇති කිරීම හා කලාපීය වෙළද ගිවිසුම හා එක්වීම තුලින්  රටේ සංවර්ධනය ඇති කිරීමට හැකිවනු ඇතැයිද  අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    අප රටේ මිලියන 3 කට වැඩි පිරිසක් තමනට කියා ඉඩමක් නොමැතිව රජයේ ඉඩම්වල අනවසරයෙන් ජීවත් වේ.  වසර 10 
    කට වැඩි කාලයක් රජයේ ඉඩමක පදිංචිව සිටින සෑම කෙනෙකුටම එහි හිමිකම ලබා දීමටද මෙහි ඉඩම් ප්‍රතිපත්තිය යටතේ සැලසුම්කර ඇති බව  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
     
    මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ,ඉඩම්වල අයිතිය ලබා දීම තුලින්  ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්  වන බවත් මධ්‍යම පංතිය වෙනුවෙන් නිවාස නගර ඉදි කිරීමට සැලසුමකර ඇති බවත් මේ යටතේ නිවාස ලක්ෂ 5ක් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.
     
    අපේ ආණ්ඩුකරණයට ඇති කාන්තා දායකත්වය 25% ක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය පනත් ගෙන ඒමට බලාපොරොත්තු වන බව මෙහිදී අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
     
    මෙහිදී අදහස් දක්වමින් නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, රැකියා ලක්ෂ 10 ක් ඇති 
    කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක කිරීම අපට පැවරී තිබෙනවා. මෙහිදී පුද්ගලික අංශයේ රැකියා සදහා  තරුණ තරුණියන් යොමු කළ යුතුයි. මෙහිදී තරුණ තරුණියන්ට ඉංග්‍රිසි භාෂාව පිළිබද හොද දැනීමක් ලබා දීමටත් ගුරුවරුන් පුහුණු කිරීම ඉහළ ප්‍රමිතියකට සිදු කිරීමට බලාපොරොත්තුවන බවත් පැවසීය.
     
    AP
     
     
     
     
     
     
       
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya