මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔයිල් බංකරින් වලින් හම්බන්තොට වරායේ පාඩුව ඩොලර් මිලියන 19 ක්

    නොවැම්බර් 09, 2015
    හම්බන්තොට වරායේ නෞකාවලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරයෙහි සිදුවී ඇති  මහා පරිමාණයේ අක්‍රමිකතාව හේතුවෙන් හම්බන්තොට වරායට ඩොලර් මිලියන 19 ක පාඩුවක් සිදුව ඇති බවද වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 
    ඒ මහතා මේ බව කියා සිටියේ හම්බතොට වරායේ ඉන්ධන ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමිනි. එම නිරීක්ෂණයෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ සිදුව ඇති අක්‍රමිකතාවට වගකිව යුත්තන් හඳුනා ගැනීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි.
     
    ”පසුගිය කාලේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙනා තෙල් නැවක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ එම නැවේ තිබුණු තෙල්වල තත්ත්වය දුර්වල මට්ටමක තිබුණු නිසා. මේ හේතුවෙන් එම තෙල් නැව ආපහු යවලා තියෙනවා. නමුත් ඒ යවපු තෙල් මාගම්පුර වරායට විශාල මුදලක් ගෙවලා අරගෙන. අද අපිට ඒ තෙල්, ඒවා ගත්ත මුදලින් 3/1ක වටිනාකමකටවත් විකුණගන්න බැරිවෙලා තියෙනවා. අනෙක් කරුණ,  මේ තෙල් මිලදී ගෙන තියෙන්නේ ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළම තිබුණු අවස්ථාවක. ඒ කියන්නේ මේ තෙල් මිලදී ගෙන තියෙන්නේ අනවශ්‍ය වෙලාවක. අනවශ්‍ය ප්‍රමාණයකින්. එයින්  හම්බන්තොට වරායට වුණු පාඩුව ඩොලර් මිලියන 19.3ක්. ඊට අමතරව බැංකුව පොළිය ලෙස අැමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක් ගෙවනවා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය.
     
    නාවික ක්ෂේත්‍රයේදී ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නා ඉන්ධන වර්ග තුනක් වන අතර ඉන් වැඩිම ඉල්ලූමක් ඇත්තේ IFO 380 ඉන්ධන වලටයි. එම ඉන්ධනය නෞකාවල ඉන්ජිං ක්‍රියා කරවීම සඳහා යෙදා ගන්නා ඉන්ධනය වේ.  හම්බන්තොට මාගම්පුර වරාය මිලදී ගෙන ඇත්තේ වෙළඳ පොළේ අඩුම ඉල්ලූමක් ඇති Marine Gas Oil වේ. එහි ප්‍රමාණය ටොන් 17,818 කි. මේ වන විට මාස හයක් ඇතුළත එයින් අලෙවි කිරීමට හැකි වී ඇත්තේද ටොන් 3,235ක් වැනි සුළු පමණකි. එමෙන්ම දැනට පවතින තත්ත්වය අනුව ගබඩා කර ඇති මෙකී   Marine Gas Oil  ම යැයිද සැකයක් පවතී. මිලදී ගත් එම ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කළ ඒවා වීමත්, එකී මිලදී ගැනීම ලංකාවට බාල තෙල් ගෙන්නූ වකවානුවේදී සිදු වීමත් එම සැකයට හේතු වී තිබේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මෙම මහා පරිමාණ අක්‍රමිකතාව ගැන කැබිනට් අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කළ බවයි.
     
    නෞකාවලට ඉන්ධන සැපයීම ගැන දැනුමක් ඇති විශේෂඥයින් සමග සාකච්ජා කර ගබඩා කර ඇති ඉන්ධන සහ නෞකාවලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya