අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සටනේදී දිවිදුන් රණවිරුවන් අනුස්මරණය කෙරේ

    නොවැම්බර් 09, 2015

    මව් බිම වෙනුවෙන් ජීවිත පුජා කළ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවය ඊයේ (08) කොළඹ, විහාර මහා දේවී උද්‍යානය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්විණි. නාවික හමුදාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී වූ අතර, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් රැසක් ද ඊට එක්විය.

    ප්‍රධාන උත්සවයට සමගාමීව කොළඹ, නාවික හමුදා මූලස්ථානයේ දී රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් පැවැත්වුණු අතර, අනෙකුත් නාවික විධානයන්හිදී විධාන ආඥාපතිතුමන්ලාගේ හා අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් රණවිරු අනුස්මරණ උත්සව මාලාවක් පැවැත්විණි. ඒ සඳහා නාවික හමුදාවේ සියළුම නෞකා, ආයතන හා අණුඛණ්ඩ නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් විශාල පිරිසක් සහභාගී විය.

     

    විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් රකිමින් දිවිපිදූ සහෝදර රණවිරුවන්ට සිය කෘතවේදීත්වය පළ කිරීමෙන් අනතුරුව බියුගල් වාදනයෙන් හා පහත අනුස්මරණ පාඨය කියවීමෙන් මෙම උත්සව මාලාව නිමාවට පත්විය.

     

        ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
            කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා
                හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya