අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධි මත්පැන් ගෙනඒම වැළැක්වීමට ලේබලයක්

    නොවැම්බර් 06, 2015

    රජය විසින් මත්පැන් මත ඉතා විශාල ප්‍රමාණයෙන් බදු අය කරන බැවින්, බදු ගෙවීම මග හරිමින් නීතිවිරෝධී ලෙස කලවම් කර අසුරන ලද මත්පැන් වෙළඳපොළට ඒම වැළැක්වීම සඳහා රජය පියවර ගෙන තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හෝ ආනයනය කරනු ලබන සියලුම මත්පැන් බෝතල් සඳහා නව ආරක්ෂිත ලේබලයක් (ස්ටිකරයක්) හඳුන්වා දීමට තීරණ කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී සෑම මත්පැන් බෝතලයකටම ආරක්ෂිත ලේබලයක් (ස්ටිකරයක්) ඇලවීම මෙහිදී සිදු වන බවත් එසේම වෙළඳපොළට නිකුත් කිරීමට පෙර ආනයනික මත්පැන් සඳහා රේගුව තුළදීම ආරක්ෂිත ලේබල් අලවා සහතික කිරීම නීත්‍යනුකූල අවශ්‍යතාවක් බවට මත්පැන් ආනයනකරුවන් දැනුවත් කිරීමට ද පියවර ගැනීම සිදු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙම තත්ත්වය යටතේ පාරිභෝගිකයෝ බොහෝ දෙනෙක් වඩාත් අහිතකර මත්පැන් වෙත යොමු වැළැක්වෙන අතර බදු ගෙවා නිපදවු මත්පැන්වල මිල අධික බැවින් ඒ වෙනුවට නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් ආදේශ වීම නිසා රජයේ ආදායමට සිදු වන පාඩුව ද වැළැක්වෙනු ඇත.

    ව්‍යාජ නිෂ්පාදන වෙළඳපොළ වෙත ඒම වැළැක්වීම සුරාබදු දෙපාර්තමේන්තුවේ ද අධීක්ෂණය යටතේ සිදු වන අතර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya