අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදුනු ලාංකික ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

    නොවැම්බර් 06, 2015

    කල්ලාරු සහ කොණ්ඩච්චිකුඩා මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සමග ඩිංගි යාත්‍රාවක්, මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 175ක් සහ කිමිදුම් කටයුතු සඳහා යොදාගන්නා මුහුණු ආවරණ 4ක් ඊයේ (05) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

    සිලාවතුර, ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත මුර සංචාරයේ යෙදී සිටි ඩිංගි යාත්‍රාවක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව නාවික හමුදාවේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

     

    එහිදී අත්අඩංගුවටගත් ධීවරයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya