මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වස විස නැති ගොවිතැනක් සඳහා

    නොවැම්බර් 05, 2015
     
    වස විස නැති ගොවිතැනක් සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ධර්ම විජය පදනමේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    මෙහි පළමු පියවර ලෙස කෘෂි රසායනයෙන් තොරව වී ගොවිතැනෙහි යෙදීමට කැමති ගොවීන් සඳහා නොමිලේ බිත්තර වී ලබා දීමට කටයුතු යොදා ඇතැයි අතුරලියේ රතන හිමියන් මෙහිදී අනාවරණය කළහ.
     
    පසට රසායන ද්‍රව්‍ය එක්වීම නිසා පසෙහි ජීවත්වන දහස් ගණනක් ජීවීන් විනාශ වන අතර මේ නිසා පරිසරයේ සමතුලිත තාවය බිද වැටී වගාවන්ට අහිතකර කෘමී ගහණය වැඩි වේ. රසායන ද්‍රව්‍ය අඩංගුවු ආහාර ගැනීම නිසා පිළිකා, දියවැඩියාව හා වකුගඩු රෝගයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. එහෙයින් මේ පිළිබඳ  අවබෝධ කරගෙන නව උපාය මාර්ගයන්ට පිවිසිය යුතුයයිද රතන හිමියන් පැවසුහ.
     
    මෙහිදී ගොවීන්ට ලබා දෙන  රසායනික පොහොර වෙනුවට මුදල් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවද එය ඉදිරි කන්න වලදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයිද  රතන හිමියන් පැවසුහ. 
     
    පොහොර වෙනුවට මුදල් ලබා දීමෙන් පසට අත්‍යාවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ පමණක් මිලදී ගැනීමට ඔවුන් යොමු වන අතර  එම මුදලින් තමන්ට අවශ්‍ය පොහොර සාදා ගැනීමටද හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම යම් මුදලක් ඉතිරි කරගෙන ගොවීන් සංවිධාන ගතවී ගොවි සංවිධානයට අවශ්‍ය උපකරණ මිළදී ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයිද  බුද්ධි ජයසුරිය මහතා පැවසීය. 
     
    අනාගතයේදී පිටතින් කිසිවක් ලබා නොගෙන තමාගේ ගොවිපල තුලින් පොහොර ඇතුලු අවශ්‍ය දේ  නිපදවා ගැනීමට හැකිවනු ඇතැයිද ඒ මහතා පැවසීය. 
     
    පාරම්පරික වී ගොවිතැනෙහි නියැලී සිටින ගොවි මහතකු වු ගුරුසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් පාරම්පරික සහල් සදහා මිලක් හා ප්‍රමිතියක් ඇති කරන මෙන් රජයෙන් ඉල්ලා සිටි අතර 20120 වන විට පාරිසරික ගොවිතැන මෙරටට හදුන්වා දී අවසන් කරන්නට හැකිවනු ඇතැයිද සදහන් ක‍ළේය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya