අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයෙන් උසස් තාක්ෂණ අධ්‍යාපනයක්

    නොවැම්බර් 05, 2015

    අවිස්සාවෙල්ල, බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය ලබන වසරේ පෙබරවාරි මාසයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත වීමට නියමිතය.

     

    පාසල් අධ්‍යාපනය අවසන් කරන සිසු දරුවන් සඳහා වඩා හොඳ තාක්ෂණ අධ්‍යාපනයක් ලබා දීම බටන්ගල විශ්වවිද්‍යාල විද්‍යායතනය පිහිටුවීමේ අරමුණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සමාජයේ අවශ්‍යතා, රැකියා වෙළෙඳපොළ මෙන්ම යුගයේ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙනස් විය යුතු බව ඒ මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා බටංගල විශ්ව විද්යාල විද්‍යායතනයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේ දීය.

     

    මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන් මෙම විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අයදුම් කිරීමට සුදුසුකම් ලබන බවත් හා ඒ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැඳවා  පුවත්පත් දැන්වීම් ලබන මාසයේ දී පමණ පළ කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙම විද්‍යායතනයේ ඉදිකිරීම් ලබන වසරේ ජනවාරි මස 31 වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර රජය විසින් දැනටමත් විශ්ව විද්‍යාලයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා ඇණවුම් ද ලබා දී තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya