අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිරේක බෝග වගාවට ගොවින් උනන්දු කළ යුතුයි. -කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ

    නොවැම්බර් 05, 2015
     
    වී අස්වනු වැඩි ප්‍රමාණයක් ලැබෙන නිසා ගොවින් අතිරේක ආහාර භෝග වගා කිරිමට උනන්දු කළ යුතු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ අලුවිහාරේ පිහිටි කාර්යාලයේදි ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සාකච්ඡාවකදිය.
     
    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙසේද පැවසිය.
    අතිරේක බෝග වලින් රට ස්වංපෝෂිත කිරිමට නම් ගොවින් අතිරේක වගාවන් සදහා යොමු කිරිම යුගයේ අවශ්‍යතාවයක්. වර්තමානයේදි අප පරිභෝජනය කරන බෝග වර්ග විශාල වශයෙන් ආනයනය කරනවා.සහලින් ස්වංපෝෂිත ඇති බවට අප උදම් ඇනුවත් රට කජු,කව්පි,මුංඇට,උදු,සෝයා බෝංචි,ලොකු ලුනු,මිරිස් වැනි දේවල් ආනයනය කරනවා.මේවා රට තුළ වැඩි වශයෙන් නිෂ්පාදනය කිරිමට අප කටයුතු කළ යුතුයි.
     
    යල මහ කන්නවලට අමතරව අතරමැද කන්න වලදි වගා කිරිමට ගොවින් පෙළඹිය යුතුයි.තිරසාර කෘෂිකර්මාන්තයක් රට තුළ ස්ථාපිත කිරිම සදහා බිජ,පොහොර හා ජලය භාවිතයයට අදාළ වන තාක්ෂණයද රටේ ගොවි ජනතාවට ලබා දිය යුතු බවද අමාත්‍යවරයා පැවසිය.
     
    වර්තමාන රජය විසින් රට තුළ ආහාර සුරක්ෂීත කිරිමට ජාතික ආහාර නිෂ්පාදන තුන් අවුරුදු සැලැස්මට අනුව ක්‍රියාත්මක වෙමින් ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද සුරක්ෂිත කිරිමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ඉදිරි අය වැය තුළින් කෘෂීකර්මාන්තයට විශාල මුදලක් වෙන් කරන බවත් ඇළ වේලි වැව් අමුණු ආදිය පිළිසකර කරමින් ගොවි ජනතාවගේ මුලික උවමාවන් ඉටු කිරිමට රජය නිරතුරව කැපවන බවද අමාත්‍යවරයා පැවසිය.
     
    AP/DMU-Matale
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya