අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිනි අවි නැවත ලබා ගැනීම සුදුසුයි

    නොවැම්බර් 04, 2015

    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබාදී ඇති ගිනි අවි නැවැත ලබාගැනීමේ තීන්දුවක් අමාත්‍ය මණ්ඩලය විසින් ලබාගැනීම සුදුසු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට 1989 වසරේ සිට ගිනි අවි නිකුත් කිරීම ආරම්භ කළ බව බේරුවල ප‍්‍රදේශයේ දී මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් ලබාදෙමින් ප‍්‍රකාශ කළේය.

    එම කාල පරිචිඡේදයේ දී රට තුළ තිබූ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය සහ එල්.ටි.ටි.ඊ ත‍්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ජිවිත ආරක්ෂාවට ගිනි අවි ලබාදීම සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වර්තමානයේ රට තුළ එවැනි භිෂණයක් හෝ තර්ජනයක් නැති අතර අමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ආරක්ෂාව නොඅඩුව ලබාදෙන බවත්
    ඒ අනුව නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ලබාදී ඇති ගිනි අවි යළි ලබාගැනීමට තීන්දුවක් ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    එසේම උතුරු, නැගෙනහිර වෙසෙන ඇතැම් ද්‍රවිඩ, මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට ජීවිත තර්ජන තිබෙන බව සඳහන් කළ ඒ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවක් මත ඔවුන්ට පමණක් ගිනි අවි නිකුත් කළ යුතු බව පෙන්වා දෙයි.

    මන්ත‍්‍රීවරුන්ට ගිනි අවි පුහුණුවක් අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තු ක‍්‍රම, පරිගණක දැනුම, පාර්ලිමේන්තු පුස්තකාල පොත්පත් පරිශීලනය කිරීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන්ට ලබාදිය හැකි හොඳම පුහුණුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya