අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික ශක්තිය හිමි පිරිස් බදු ගෙවීම් පැහැර හැර තිබෙනවා- මුදල් ඇමැති

    නොවැම්බර් 04, 2015

    ආර්ථික ශක්තිය හිමි, ඇති හැකි ඇතැම් පිරිස් ආදායම් බදු ගෙවීම් පැහැර හැර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම පාර්ශ්වයන්ගෙන් බදු නිසි පරිදි ලබා ගැනීමට කටයුතු කිරීමෙන් ආදායම් ඉලක්ක සපුරා ගත හැකි බවයි.

     

    පසුගියදා කොළඹ කින්ස්බරි හෝටලයේ පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ 15 වැනි වාර්ෂික සම්මේලනයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ඒ මහතා පෙන්වා දෙන්නේ ආර්ථික ශක්තිය හිමි ඇති හැකි ඇතැම් පිරිස් රජයේ ප්‍රතිලාභ මගින් ප්‍රයෝජන ගැනීම මිස, බදු ගෙවීම සඳහා උනන්දු නොවන බවයි.

     

    මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු බවත්, ඔවුන් බදු ගෙවීම සඳහා උනන්දු කරවීම ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වගකීම බවත් අමාත්‍යවරයා පැවැසීය.

     

    මෙවර 2016 අයවැය ජනතාවට හිතකර රැඩිකල් අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු බවත් ඊට අවශ්‍ය අදහස් අවිවිධ පාර්ශ්වයන්ගෙන් ලබා ගත් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    එහි දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගෙන් ලැබුණු යෝජනා ඉතා වැදගත් බව සඳහන් කළ අමාත්‍යවරයා ලබන වසරේ දී රුපියල් බිලියන 2000ක පමණ බදු ආදායමක් අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

     

    සුරා බදු දෙපාර්තමේන්තුව පසුගිය 2014 නොවැම්බර් මාසෙ සුරා බදු ආදායම රුපියල් මිලියන 2500ක් වූ අතර මේ මාසෙ අපට රුපියල් කෝටි 1100ක විතර ආදායමක් ලැබී තිබෙන බවත් එය ඒක 400%ක වර්ධනයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඉදිරියේ දී අපේ බදු ප්‍රතිපත්තිය වඩාත් ජනතාවාදී, මිත්‍රශීලී ලෙස ප්‍රතිසංස්කරණ සිදු විය බවත් ලබන වසරේ සිට ආදායම් බදු දෙපාර්තමේන්තුව මිත්‍රශීලී ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මෙම සමුළුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය ඇතුළු ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya