අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ජපාන සංචාරය

    නොවැම්බර් 04, 2015

    එක්සත් ජාතික පක්ෂයේ ජපාන ප්‍රධාන ශාඛාවට අනුබද්ධ එජාප ටොකායි ශාඛා නිලවරනය සහ ජන හමුවට සහභාගීවීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා දින 3ක සංචාරයක් අරඹමින් පසුගියදා (30) ජපානය බලා පිටත්විය.

    ​​එජාප ටෝකියෝ ශාඛාවේ සභාපති යසෙන්ද්‍ර සමරසේකර සහ සහ ලේකම් චන්දන වික්‍රමසිංහ සහ නිලධාරින් මෙන්ම ජපානයේ තානාපති මහාචාර්ය දම්මික ගන්ගනාත් දිසානායක යන මහත්වරු නරීටා ගුවන් තොටුලේදී අමාත්‍යවරයා උණුසුම් ලෙස පිළිගත්හ.

     

    පසුගියදා නරීටා ජාත්‍යන්තර ගාර්ඩන් හෝටලයේදී ​පැවැති එජාප ටොකියෝ ශාඛාවට අනුබද්ධිත ටොකායි ශාඛාවේ වාර්ශික සමුළුව සහ සුහද හමුව සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහභාගී විය. ​එජාප ටෝකියෝ ශාඛාවේ සභාපති යසෙන්ද්‍ර සමරසේකර සහ සහ ලේකම් චන්දන වික්‍රමසින්හ සහ නිලධාරින් ද ජපානයේ තානාපති මහාචාර්ය දම්මික ගන්ගනාත් දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක් වූහ.

     

    ​සංචාරය අතරතුර දී ටොකියෝ ජාත්‍යන්තර විහාරයට ගිය අමාත්‍යවරයා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව එදින එම විහාරයේ පැවති පෙරහැරකට ද සහභාගි විය. ​

     

    පසුගිය සඳුදා (02) සිය ජපාන සංචාරය නිමා කරමින් අමාත්‍යවරයා නැවත දිවයිනට පැමිණියේය.​

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya