මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාපාර පහසු කිරීමේ සංසද රැස්වීම ලබන 12 දාට කල්යයි

    නොවැම්බර් 03, 2015

    මුදල් අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ව්‍යාපාර පහසු කිරීමේ සංසදයේ 5 වන රැස්වීම නොවැම්බර් මස 12 වන දින ප.ව. 2.00 ට මුදල් අමත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුවේ පිහිටි මිලෝදා මාධ්‍ය ස්ථානයේදී පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශ්‍ය සඳහන් කරයි.

    මෙම සැසිය නොවැම්බර් මස 5 වන දින පැවැත්වීමට කලින් සංවිධානය කර තිබූ නමුදු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එදින සිදුකිරීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශනය හේතුවෙන් මෙය ලබන 12 වෙනිදාට කල් තබා ඇත.

    ශ්‍රී ලංකාවේ ආයෝජකයන් හා ව්‍යාපාරික ප්‍රජාව මුහුණපාන ගැටලුවලට එසැණින් විසඳුම් ලබා දීම සඳහා අමාත්‍ය රවි කරුණානායක මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපාර පහසු කිරීමේ සංසද රැස්වීම නිතිපතා පවත්වනු ලබයි.

    මුදල් අමාත්‍ය සහ ආයෝජන හා අපනයන ක්ෂේත්‍රයට අදාළ අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතනයන්හි ප්‍රධානීන් සමඟ ඒකාබද්ධව පැවැත්වෙන මෙම සංසදය මගින් මෙතෙක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ප්‍රචලිත කිරීමේදී පෞද්ගලික ආයෝජකයන් විසින් මුහුණ දෙනු ලබන ගැටලු රැසකට විසඳුම් ලබාදීමට හැකි වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya