ශ්රී ලංකාව සහ තායිලන්තය අතර පවතින රාජ්ය තාන්ති්රක සබඳතා පිහිටුවා 60 වසරක් පිරීම නිමිත්තෙන් ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් රුපියල් 10.00 සහ රු. 50.00 යන වටිනාකම්වලින් යුත් නව තැපැල් මුද්දර දෙකක්, සිහිවටන පත්රිකාවක් සහ කුඩා මුද්දර පති්රකාවක් ඊයේ (02) නිකුත් කරනු ලැබීය.
තායිලන්ත තැපැල් සමාගම ද එම සැලැසුම භාවිත කරමින් මේ නිකුත් කිරීමට සමගාමීව එදින ම නව තැපැල් මුද්දර දෙකක් නිකුත් කිරීමට කටයුතු කොට ඇති අතර එය විදේශීය තැපැල් ආයතනයක් සමග ශ්රී ලංකාව සිදු කර ඇති ප්රථම ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීම බවට ද පත් වනු ඇත.
DB