අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු පුහුණු මධ්‍යස්ථාන සියල්ල සකී‍්‍රය කිරීමට පියවර

    නොවැම්බර් 02, 2015

    සියලු ගුරු මධ්‍යස්ථාන නවීකරණය කර වසරක් තුළ ඒවා යලි නගාසිටුවමින්, සක‍්‍රීය ගුරු පුහුණු මධ්‍යස්ථාන බවට පත් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ගොඩනගන ලද දීපව්‍යාප්ත ගුරු පුහුණු මධ්‍යස්ථාන 109ක් පවතී.

    කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ පසුගියදා පැවති වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    කැපවීමෙන් තම සේවය ඉටුකරන විදුහල්පතිවරුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීම සඳහා පුහුණු අවස්ථා ලබාදෙන බවත්, එසේම කැපවීමෙන් වැඩකරන ගුරුවරුන්ට තව තවත් ඉලක්ක ලබාදෙමින්, පුහුණු අවස්ථා සඳහා ඔවුන් යොමුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුස්සාට සුදුසු තැන දීමට කටයුතු කරන බවයි.

    තව දඅධ්‍යාපන පරිපාලන සේවයේ පසුගිය කාලය පුරා පැවති සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවත්, ඉදිරි අයවැයෙන් අධ්‍යාපනයට වෙන්වන මුදල් ප‍්‍රමුඛතාවන් නිවැරදිව හඳුනාගෙන වැය කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා, ගුරු භවතුන්, දෙමව්පියන්, ආදි සිසුන්, සුබපතන්නන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya