අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍යයින්ට පෙළපාලි යාමට හේතුවක් නෑ- ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල

    නොවැම්බර් 02, 2015
    උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධියට සමාන පිළිගැනීමක් ලබාදීමට අදාළ නිලධාරීන්ගේ එකඟතාවයට පැමිණි බව විශ්වවිද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
    උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ වෘත්තීය සමිති නායකයින්, එම ආයතනයේ නිලධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණි බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
    මෙම ඩිප්ලෝමාවට උපාධියට සමාන පිළිගැනීමක් 1990 සවරේ චක්‍ර ලේඛනයකින් ලබා දී තිබුණ ද පසුගිය රජය එම සමාන පිළිගැනීම අහෝසි කළ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
    නව රජය බලයට පත්වීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා තිබෙනවා ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධියට සමාන පිළිගැනීමක් නැවත ලබා දෙන ලෙස. මේ බව ශිෂ්‍යයින්ට හා නිලධාරීන්ට දැනුම් දී තිබියදී පෙළපාලි යාම නිශ්ඵල ක්‍රියාවක් බව අමාත්‍යවරයා  පවසයි.
    මේ සම්බන්ධයෙන් සවිස්තර ප්‍රකාශයක් යථා කාලයේදී නිකුත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya