අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම පිළිබද සාකච්ජාවක්

    නොවැම්බර් 02, 2015
     
    යුරෝපා සංගමය මගින් පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීම සඳහා ධීවර අමාත්‍යාංශය මගින් දියත් කර 
    ඇති වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ තානාපති ඩේවිඩ් ඩැලී මහතා ධීවර හා ජලජ 
    සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අමාත්‍යාංශයේදී පසුගියදා  හමුවිය.
    එහිදී අමාත්‍යවරයා ධීවර අමාත්‍යාංශය හා ධීවර දෙපාර්තමේන්තුව මගින් සිදුකොට ඇති කාර්යයන් පිළිබඳව කරුණු 
    ඉදිරිපත් කළ අතර, මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට ධීවර අමාත්‍යාංශය ගෙන ඇති පියවර හා උනන්දුව පිළිබඳව සතුට 
    පල කළ ඒ මහතා නොවැම්බර් මස 13 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුරෝපා සංගමයේ නියෝජිත පිරිසද ඒ පිළිබඳව 
    දැනුවත් කරන බව අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇත.
     
    මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර් අදිකාරී මහත්මිය, විදේශ 
    කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ග්‍රේස් ආසිරිවතම් මහත්මිය හා ධීවර දෙපාර්තමේන්තුවේ 
    අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු යන නිළධාරීන් සහභාගී විය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya