අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වැඩිහිටි දිනය අද සැමරේ

    ඔක්තෝබර් 01, 2015

    අද (ඔක්තෝබර් 01) ලොව පුරා ලෝක වැඩිහිටි දිනය ද සැමරනු ලබයි. මෙවර වැඩිහිටි දිනයේ තේමාව වී ඇත්තේ “සුපහසක් නගරයක්, සොඳුරු වැඩිහිටි වියක්“යන්න ය.

    ලෝක වැඩිහිටි දින ජාතික උත්සවය අද සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස් .බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, සාලියපුර වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී පැවැත්වේ.

     

    වයස අවුරුදු 60 ඉක්මවූවන් වැඩිහිටියන් ලෙස සැලෙකේ.

     

    වැඩිහිටි දින සැමරුම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ නාගරීකරණය තුළ වැඩිහිටියන්ගේ සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන්ගේ අත්දැකීම්, දැනුම සහ බුද්ධිය සමාජයට උකහාගැනීම සඳහා විධිමත් සාධනීය ක්‍රියාමාර්ගයකට එළඹීම වැදගත් වන බවයි.

     

    ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වියපත් වැඩිහිටි ජීවිත සුරක්ෂිත වන සේ සුබසාධන සේවා දියුණු කිරීමද, පවුල තුළ ශක්තිමත් වන ආර්ථික සමාජ පසුබිමක් ගොඩනැංවීමද අප හමුවේ ඇති අභියෝගයක් බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya