සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැන ගැනීමේ පනත ලබන 5 දා නීතිපති දෙපාර්තමේන්තුවට

    සැප්තැම්බර් 23, 2015

    තොරතුරු දැන ගැනීමේ පනන ලබන 05 වැනි දා නිතිපති දෙපාර්තමේන්තුවට යැවීමට කටයුතු සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    ලබන 7 වැනි දා රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත අතර කැබිනට් මණ්ඩලයේ අනුමත වීමෙන් පසු ගැසට් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    එසේම ගැසට් කර සති දෙකක් ඇතුළත මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

     

    ඊට අමතරව මෙම පනත සම්බන්ධයෙන් පළාත් සභා දැනුවත් කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya