අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර ආරක්ෂා කළොත් ඇදුම රෝගයෙන් මිදිය හැකියි

    අගෝස්තු 09, 2015
    පරිසරය ආරක්ෂා කරගැනීමෙන් ඇදුම රෝගයෙන් පුද්ගලයන් මුදවාගැනීමට හැකියාව පවතින බවත් දරුවන්ගෙන් සියයට 30%ක් අකර්මන්‍ය වන්නේ ශ්වසන රෝග නිසා යැයි සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ, සෞඛ්‍ය අධ්‍යාපන සහ ප්‍රචාරක අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.
    මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල අභියෝගයක් බවද වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන අතර ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ, පසුගිය දා පැවැති ඇදුම රෝගය පිළිබඳව දනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
    මේ වනවිට ඉන්හේලර් නිෂ්පාදන ව්‍යාපෘති දෙකක් සඳහා අනුමතිය ලැබී තිබේ. ඉන්හෙලර් භාවිතයට බොහෝ දෙනෙක් බිය වුවත් එසේ බිය විය යුතු නැතැයි වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.
    ඇදුම රෝගය දිගුකල් පවතින බෝනොවන රෝගයකි. ලෝකයේ මිලියන 300ක් පමණ ඇදුම රෝගීන් වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ ලක්ෂ 02ක පමණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
    ඇදුම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුන් ලෙස කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍ය එශාන්ත් පෙරේරා මහතා පවසන්නේ, සීතල වාතය, දුම්පානය, කීඩෑවන්, පරාග, සුරතල් සතුන්, සහ පරිසර දූෂණය හේතුවන බවය.
    ඇදුම රෝගය සඳහ වැඩි වශයෙන් වයස අවුරුදු 10-14ත් වයස අවුරුදු 70-80ත් අතර වයස් සීමාවේ පුද්ගලයන් ඇදුම රෝගයට ගොදුරු වන බව වෛද්‍යවරු පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya