අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නයිජීරියාවේ දී පැහැරගැනීමකට ලක්වූ ශ්‍රී ලාංකික ඉංජිනේරුවා යළි දිවයිනට

    ජූනි 03, 2015

    නයිජීරියාවේ දී පැහැරගැනීමකට ලක්ව නිදහස් කරගත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඩී.ඒ.කරුණාදාස මහතා මෙම සතිය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව නයිජීරියාවේ වැඩ බලන මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකාව අද (03) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කළාය.

    නයිජීරියාවේ ඔන්ඩෝ හා කෝගි ප්‍රාන්ත මායිමේ දී පැහැරගෙන ගිය කරුණාදාස මහතා පසුගිය මැයි 27වෙනිදා නිරුපද්‍රිතව නිදහස් කරගෙන ඇති අතර ඔහු පසුගිය මැයි 29 වෙනිදා නයිජීරියාවේ වැඩ බලන මහ කොමසාරිස්වරයා මුණ ගැසුණු බවත් ඇය සඳහන් කළාය.

     

    වසර 20කට අධික කාලයක් සේවය කළ ඉතාලි සමාගම වෙනුවෙන් කළ යුතු කටයුතු අවසන් කිරීමට ඒ මහතා මේ දිනවල කල් ගත කරන බවත් හැකිතාක් ඉක්මණින් එය අවසන් කර මේ සතිය තුළ දී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya