අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා පාලක සභාව පත් කළේ පෞද්ගලික හෝ දේශපාලන සබඳතා වලින් තොරවයි

    ජූනි 02, 2015

    විශ්වවිද්‍යාල පාලක සභා පත් කිරීමේ දී අප දේශපාලනික හෝ පෞද්ගලික කරුණු කාරණා සලකා බැලුවේ නැති බවත් ඒ සඳහා පත්විය යුතු ඉහළ ම සුදුසුකම් සපුරා තිබෙන පුද්ගලයන් පත් කිරීමට අමාත්‍යවරයා වශයෙන් තමන් සහ රජය පසුබට නොවුණු බව උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය අමුණුගම මහතා පවසා සිටියේය.

     

    විශ්වවිද්‍යාල උපකුලපතිවරු පත් කිරීමේ ක්‍රමවේදය වුණේ ඉහළම සුදුසුකම් බවත් මේ නිසා එම වගකිව යුතු පුද්ගලයන් වශයෙන් රටේ සහ ජාත්‍යන්තරයේ අවශ්‍යතාව උදෙසා වන වෙනස්කම් සඳහා තීන්දු තීරණ ගැනීමට උපකුලපතිවරුන් පසුබට විය යුතු නැතැයි උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය අමුණුගම මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  පසුගිය දා යාපනයේ කන්කසන්තුරේ තල් සෙවණ හෝටලයෙහි පැවති විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ විශේෂ හමුව අමතමිනි. මෙය උසස් අධ්‍යාපන අමාත්‍යවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ රැස්වීමක් යාපනයේ පැවත්වූ පළමු අවස්ථාව විය. මේ සදහා යාපනය විශ්වවිද්‍යාලයේ සියළුම පීඨවල පීඨාධිපතිවරුද එක්වූහ.

     

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය,

     

    “අද විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් ම වෙනස් සහ අලුත් මුහුණුවරක් ගෙන තිබෙනවා. විශේෂයෙන් ම ලෝක ප්‍රවණතා සහ ජාතික ජාත්‍යන්තර අවශ්‍යතා අනුව විෂය නවීකරණයන්, යාවත්කාලීන කිරීම් ඔස්සේ ඉදිරියට ගොස් තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කොට එකී අවශ්‍යතාවන්ට සරිලන පරිදි විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට පසුබට විය යුතු නැහැ. එහි තීරණ ගැනීමේ අයිතිය ඔබ සතුයි.

     

    එමෙන්ම ඔබ දන්නවා අද රටේ කලා සහ මානව ශාස්ත්‍ර පිළිබඳ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කිසියම් වෙනසක් ඇතිවිය යුතුව තිබෙන බව. ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් පිළිබඳ තීරණයක් ගැනීමට ඒ සම්බන්ධව අධ්‍යයනය කොට නව ප්‍රවේශයකට එළඹෙන්නැ යි මා ඔබට ආරාධනා කරනවා.

     

    විශ්වවිද්‍යාල පද්ධතිය ස්වාධීන විය යුතුයි කියන මතයේ මා තරයේ ම ඉන්නවා. දේශපාලඥයන් විශ්වවිද්‍යාල තුළට අත පෙවිය යුතු නැහැ. ඒ සඳහා   පත්වී   තිබෙන්නේ ඉහළ ම සුදුසුකම් තිබෙන අධ්‍යාපනඥයනනන් සහ විශේෂඥයන්. උද්ඝෝෂණ පිළිබඳව වුවත් මා දරණ ආකල්පය තමයි උද්ඝෝෂණ කරන්නට සිසුන්ට ඉඩ දිය යුතුයි. නීතිය කඩ නොකර ඒ කටයුත්ත සිදු කරන්නට ඔවුන් වගබලා ගත යුතු යි. මක්නිසාද අද රටේ නීතිය අපට පමණක් නොව ජනාධිපතිවරයාටත් සාධාරණ එකක් බවට පත්වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්නට හැකි තත්ත්වයක් අද රටේ ඇති කර තිබෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ස්වාධීන උසස් අධ්‍යාපන ආයතන වශයෙන් ස්වාධීනව තීන්දු තීරණ ගනිමින් මෙහෙයවන්නට ඔබට හැකියාව තිබෙනවා.“ යැයි ඒ මහතා අවධාරණය කළේය.

     

    ආචාර්ය අමුණුගම මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාව හා එක් වූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආචාර්යවරයෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන  හෘද ශල්‍ය රෝග විශේෂඥ ආචාර්ය රවිපිල්ලේ මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක් ද පැවැත්විය. ඔහු යුද්ධය නිමාවීමෙන් පසුව එංගලන්තයේ පදිංචිය අතහැර යාපනයේ වෙසෙමින් අධ්‍යාපන හා වෛද්‍ය අංශයේ ප්‍රගමනය සඳහා දායතක්වය සපයයි. 

     

    මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් පියසේන රණේපුර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මොහාන්ද සිල්වා, උප සභාපති මහාචාර්ය පී.එස්.එන්. ගුණරත්න, උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂක වරුන්ගේ සංගමයේ සභාපතිනි සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය වසන්ති අර්සකුලරත්නම් ඇතුළු සියලු ම උපකුලපතිවරු සහ අධ්‍යක්ෂකවරු ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya