අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සමයේ අනුරාධපුරට පැමිණෙන්නන්ට කිසිදු ප්‍රභූ වෙන් කිරීමක් නැත

    ජූනි 01, 2015

    පොසොන් සමයේ අනුරාධපුර පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට ප්‍රභූ (VIP/VVIP) ස්ටිකර් හෝ බලපත්‍ර නිකුත් කර නොමැති බව රජය අවධාරණය කරයි.

     

    යම් කිසි වාහනයකට හෝ පුද්ගලයෙකුට කිසිදු විශේෂ පිළිගැනීමක් හෝ වෙන් කිරීමක් නොමැති බව පොසොන් කමිටුවේ සභාපති හා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා ප්‍රකාශ කර ඇත.

     

    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත්තේ නගරය තුළ සියලුම මාර්ග බැතිමතුන්ට භාවිතා කළ හැකි බවයි. රථවාහන තදබදය තිබේ නම්, එය බැතිමතුන් සංඛ්‍යාව නිසා සිදුවන්නක් පමණක් බවත් ඔහු පවසා ඇත. කිසිදු විශේෂ බලපත්‍රයක් නගරයට පැමිණෙන වාහන සඳහා අවශ්‍ය නොවන බව ද ඔහු අවධාරණය කළේය.

     

    පොලිසිය විසින් ප්‍රභූ පිරිස් සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙන බව ද ඔහු සඳහන් කළේය. අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා පමණක් සේවා අවසර පත්‍රයක් නිකුත් කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya