අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ඡන්ද හිමියන්ගේ දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය අද සහ හෙට බදුල්ලේදී

    මැයි 31, 2015

    ජූනි මස 01 වන දිනට යෙදෙන ඡන්ද හිමියන්ගේ දිනයේ 2015 වර්ෂයේ ප්‍රධාන සැමරුම් උත්සවය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.

     

    මෙම වැඩසටහන අද (31) සහ හෙට (ජුනි 01) දෙදින වැඩසටහනක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය හා බදුල්ල යන නගර කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ.

     

    ඒ අනුව අද (31) දින පෙරවරුවේ මහියංගන නගරයේදී දැනුවත් කිරීමේ වීදි නාට්‍ය හා අනෙකුත් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, එදින සවස මහියංගන නගරයේ සිට රථ පෙළපාලියක් බදුල්ල නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.

     

    හෙට (01) දින පෙ.ව. 8.00 ට බදුල්ල පිංඅරාව මංසන්ධියේ සිට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරය දක්වා දහසකට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පා ගමනක්ද ඉන් අනතුරුව ඡන්ද හිමියන්ගේ සැමරුම් දින ප්‍රධාන උත්සවය හා ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර හා රචනා තරඟවලින් ජයගත් දරුවන් සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමද සිදු කෙරේ.

     

    මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි බදුල්ල සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතාගේ මූලිකත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මෙම උත්සවය සංවිධානය කර ඇත.

     

    SDF/BRGSBH_dmu_badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya