අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''ශිල්ප සේවන" වැඩසටහන යටතේ මඩිගේමිදියාල ප්‍රාථමික විදුහල සිසු අයිතියට

    මැයි 29, 2015
    වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව ''ශිල්ප සේවන" වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 80ක වියදමින් ඉදිකරන ලද මඩිගේ මිදියාල ප්‍රාථමික විදුහල සිසු අයිතියට පත්කිරීම වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
     
    අපේ පළාතේ දෙමළ මාධ්‍ය ගුරුවරු විශාල හිඟයක් පවතිනවා. ඒ වෙනුවෙන් ගුරුවරුන් 88ක් බඳවාගන්න සම්මුඛ පරීක්ෂණ පැවැත්වූවා. නමුත් ඒ සඳහා උපාධි සමත් අය ආවේ 8 දෙනයි. ඒක ලොකු ගැටලුවක්. ඒ සඳහා විකල්ප ක්‍රමයක් ලෙස උසස් පෙළ සමත් දෙමළ මාධ්‍ය ගුරුවරුන් බඳවාගන්න යෝජනාවක් එවකට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවත් ඒ අනුව උසස් පෙළ සමත් ගුරු සහයකයන් 50,000ක් බඳවා ගන්න අනුමැතිය කැබිනට් අනුමැතියක් ලැබී ඇති බවත් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
     
     වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, වයඹ සෙසු පාසල් සඳහා අවශ්‍ය ගුරුවරුන් 3000ක් බඳවා ගන්න එවකට කැබිනට්  නුමැතිය හා අවශ්‍ය මුදල් වෙන් කර දුන්නා. මම පත් වී වසර එකහමාරක් තුළ අලුතින් පාසල් 31ක් ආරම්භ කළා. ඉදිරියේදී ඒ පාසල් සියල්ල විවෘත කරනවා. ඒ පාසල් සියල්ලේම භෞතික සම්පත් මෙන්ම ගුරු අඩුපාඩු ද විසඳනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පාලනය යටතේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ළඟදීම ගොඩනගාගෙන සියලුම ජාතීන් සමඟ එක්ව  ඉදිරියට ගෙන යන පරමාදර්ශී රටක් ගොඩ නඟමු. දේශපාලන පලිගැනීම් මත තීන්දු තීරණ නොගන්නා යහපත් සමාජයක් ගොඩ නඟමු යන උදාර චේතනාවෙන් වැඩ කරමු යැයි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya