අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ෆ්ලුවන්සා ගැබිණි මව්වරුන්ට අවධානම්

    මැයි 27, 2015
     
    a paba paihaඉන්ෆ්ලුවන්සා ආසාදනයෙන් ගැබිණි මව්වරුන්ට බරපතල ප්‍රතිඵල අත්වීමේ ඉඩකඩ තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.
     
     

    ඉන්ෆ්ලුවන්සා රෝගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (27) වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මේ බව පැවසුවාය.

    ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදන තත්ත්වයක්. එය ස්වසන පද්ධතිය ආසාදනයට ලක් කරනවා. මෙය ඇතැම් අය කුරුළු උණ ලෙස ප්‍රකාශ කරනවා. එය වැරදියි. මෙය කුරුළු උණ නොවේ. ශ්‍රී ලංකාවේ කුරුළු උණ රෝගීන් වාර්තා වී නෑ.

    ඉන්ෆ්ලුවන්සා රෝගය සෑම වසරකම වාර්තා වෙනවා. ඉන්ෆ්ලුවන්සා රෝගය ප්‍රධාන කාණ්ඩ දෙකකින් යුක්තයි. විශේෂයෙන් ම ගැබිණි මව්වරුන්ට මෙම රෝගය වැළදීමෙන් ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකියි. හැබිණි මව්වරුන්ගේ ප්‍රතිශක්තිය දුර්වල වීම එයට හේතුවයි.

    ගැබිණි මව්වරුන්ට ඉන්ෆ්ලුවන්සා රෝගය දැඩි අවධානමක් තිබෙනවා. ගැබිණි මව්වරුන් මහජනයා ගැවසෙන ස්ථනවලින් ඈත්ව සිටීම වැදගත්.

    මෙහිදී අඳහස් දැක්වූ පවුල් සෞඛ්‍ය කර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය විත්‍රමාලී ද සිල්වා මහත්මිය පවසා සිටියේ, ගර්භනී මව්වරුන් මහජනයා ගැවසෙන ස්ථානවලින් ඈත්ව සිටීම සුදුසු බවත්,ගැබිණි මව්වරුන්ට මෙම රෝගයේ රෝග ලක්ෂණ පවතී නම් හැකි ඉක්මනින් ම රෝහල් ගත වීම අවශ්‍ය බවත් ය.


    මෙහිදී අඳහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා; මෙම වෛරසය ප්‍රභේද දෙකක් තිබෙනවා. ආසාදනය පැතිර යාම වසර පුරා සිදු වෙනවා.

    මැයි මස සිට ජූලි මස දක්වා සහ දෙසැම්බර් මස සිට පෙබරවාරි අතර කාලයේ රෝගය පැතිර යාම ඉහළ බව සොයාගෙන තිබෙනවා. මෙය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගයක්. සතුන්ගෙන් බෝ වන්නේ නෑ. රෝග නිරීක්ෂණය ජීව අණුක විද්‍යාව අනුව සිදු කරනවා. මෙහිදී සඳහන් කළ යුතු වන්නේ මෙම රෝගය වැලදුන රෝගීන්ගෙන් සියයට 99%ක් ම සුවය ලබන බවයි. විශේෂයෙන් සෙනඟ සිටින ස්ථානවලින් ඈත්ව සිටීම, කැස්ස හෝ කිවිසුම් යනවිට ලෙන්සුවක් හෝ ටිෂූවකින් මුව ආවරනය කර ගැනීම, නිතර දෑත් සබන් යොදා පිරිසිදුව තබා ගැනීම කළ යුතුයි.

    පර්යේෂණ මගින් තහවුරු කරන ලද තොරතුරු අනුව වෛරස් ආසාදනය නිසා මරණ 07ක් වසර තුළ සිදුව ඇති බවත් මෙම මාසයේ දී මරණ 03ක් පමණක් වාර්තා වී තිබෙන බව ද වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

    නිතර පවතින උණ,හිසරදය,ඇඟපත වේදනාව,උගුරේ අමාරුව,කැස්ස,නාසයෙන් සොටු දියර ගැලීම,වමනය,පාචනය යන රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya