අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආදරය දිනූ පුංචි දියණිය....

    මාර්තු 02, 2018

    කවුඩුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත දිව ආ පුංචි දියණියක් ජනාධිපතිතුමාගේ තුරුළට වී සුරතල් බස් දොඩමින් සිටින අයුරු පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත්විය.

    ජනපති හමුවීමට පැමිණි මෙම පුංචි අමුත්තිය නමින් දිනුල්‍යා චනාදි වූ අතර, සිය දෙමාපියන් සමග මැදිරිගිරිය, අමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටින්නීය.

    ඊයේ (01) මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වූ ජනාධිපතිතුමා මෙම සුරතල් දියණියගේ නිවසට ද ගොඩවැදී ඇගේ සුවදුක් විමසීමට අමතක නොකළ අතර, ඉතා කාර්යබහුල දෛනික කාලසටහනක් අතර වෙහෙස වී සිටියද, මහත් සෙනෙහසින් යුතුව දැරිය සමග කථා බහක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya