අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් එකට සිටිමු"-ගම්පහ- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන ලෙසින් ව්‍යාපෘති 3541ක්

    ජූලි 29, 2019

    ගම්පහ දිස්ත්‍රික්කයෙහි ක්‍රියාත්මක "රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන ලෙසින් ව්‍යාපෘති 3541ක් ක්‍රියාත්මක වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    අද (29) දින අරඹන ලද මෙම වැඩසටහන් මාලාව අගෝස්තු 05 වන දින දක්වා පැවැත්වෙන බවත් මේ යටතේ ග්‍රාම ශක්ති, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන්, ගම රැකුම, දරුවන් සුරකිමු, ස්මාට් ශ්‍රී ලංකා , පරිසර සංරක්ෂණ, ආහාර නිෂ්පාදන, ආබාධ සහිත පුද්ගලයින් දිරිගැන්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ඵලදායිතා ප්‍රවර්ධනය වශයෙන් ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය.

    මෙම වැඩසටහන් මාලාව මගින් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති 435ක්, කටාන 155 ක්, කැලණිය 329 ක්, ගම්පහ 228 ක්, ජාඇළ 238 ක්, බියගම 126, දිවුල්පිටිය 252 ක්, දොම්පේ 220 ක්, මහර 249 ක්, මීගමුව 265 ක්, මිනුවන්ගොඩ 459 ක්, මීරිගම 468 ක්, වත්තල 117 ක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට 2019 ජූලි 27 වන දින විට සකස් කොට තිබූ වැඩසටහන් සාරාංශය මගින් ඉදිරිපත් කොට තිබිණි.

    මෙම වැඩසටහන සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනයන්හි සම්බන්ධීකරණය යටතේ පැවැත්වෙන අතර මෙහි ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය පොදු ක්‍රීඩාංගණයේදී ලබන මස 05 වෙනි දින පැවැත්වීමට සැලසුම් කොට ඇති බව ද දිසාපතිවරයා පැවසීය.

    DMU/ Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.