අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව කලාපයට පැමිණි ණය අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 3000 ඉක්මවයි

    ජූලි 27, 2019

    අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුළ ස්ථාපිත කර ඇති ව්‍යවසායක කලාපයට ණය ලබා ගැනීම සඳහා  (26) දිනය වන විට පැමිණි ණය ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව 3000 ඉක්මවා ඇති බව ව්‍යවසායකත්ව කලාපයේ දත්ත මගින් පෙන්වා දෙයි.

    මෙම ණය ලබා ගැනීමට පැමිණි පිරිසෙන් 65% ක ට ආසන්න ප්‍රමාණයක් ණය ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති බව එම දත්ත මඟින් තවදුරටත් පෙන්වා දෙයි. ණය ලබාදීම, ණය යෝජනා ක්‍රම 17ක් ඔස්සේ සිදු කෙරන අතර වැඩිම ණය ඉල්ලුම්කරුවන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ''දිරිසවිය'' ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීමට වීම විශේෂත්වයකි.
    දිරිසවිය ණය යෝජනා ක්‍රමය කාණ්ඩ තුනක් යටතේ ණය ලබාදීම සිදු වේ. කුකුළු මස් නිෂ්පාදනය,‍ ස්වයංරැකියාලාභීන් සහ සත්ත්ව පාලනයේ නියුතු ව්‍යවසායකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් 50,000 සිට මිලියන 05ක් දක්වා ණය ලබාදීම සිදු කෙරේ.
    මීට අමතරව ගොවි නවෝදා, ජය ඉසුර සහ හෝම් ස්වීට් හෝම් යන ණය යෝජනා ක්‍රම යටතේ ද ණය ලබා ගැනීම සඳහා වැඩිපිරිසක් පැමිණ තිබේ.
    ණය අපේක්ෂා කරන ව්‍යවසායකයින්ට ආසන්නයේම ඇති තමා කැමැති ඕනෑම රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකට ගොස් එම බැංකුවෙහි ස්ථාපිත කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය කවුළුවෙන් ඒ සඳහා අයදුම්පත සහ අනෙකුත් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

    විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානය
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.