අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් සඳහා රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය යටතේ සහන රැසක්

    ජූලි 25, 2019

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙන ව්‍යවසායකයින් දිරිගැන්වීම සඳහා හඳුන්වාදී ඇති ප්‍රමුඛතම ණය යෝජනා ක්‍රමයකි.


    මෙම ණය යෝජනා ක්‍රමය කාණ්ඩ තුනක් යටතේ සිදු කෙරේ. පළමු කාණ්ඩය යටතේ සුළු පරිමාණ ගොවීන් හා ගොවි සංවිධාන, විසිතුරු මල් වගාකරුවන් සහ විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන්නන්ට සිය කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා රුපියල් මිලියන 05 ක උපරිම සීමාවකට අනුව ණය ලබාදීම සිදුකරනු ලබයි.


    දෙවන කාණ්ඩය යටතේ කෘෂි හා මත්ස්‍ය සැකසුම් සහ නවීන පහසුකම් සහිත බහුදින යාත්‍රා ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 300ක උපරිමයකට යටත්ව ණය ලබා දෙන අතර, වාණිජ කර්මාන්තයේ යෙදෙන සමාගම් සඳහාරුපියල් මිලියන 750ක් දක්වා විශාල ණය පහසුකම් ලබාදීම තුන්වන කාණ්ඩය යටතේ සිදුකෙරේ.


    සෑම ප්‍රතිලාභියෙකුටම වසරක සහන කාලයක් ද ඇතුළුව වසර හතක් ඇතුළත දී මෙම ණය මුදල් පියවීමට අවස්ථාව ලබාදී ඇත. ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව. ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, පෑන් ඒෂියා බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, කාගිල්ස් බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, යූනියන් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ අමානා බැංකුව හරහා ණය ලබා ගැනීමට මෙම කේෂ්ත්‍රයේ යෙදෙන සෑම ව්‍යවසායෙකුටම අවස්ථාව හිමිවේ.

    විශේෂ මාධ්‍ය මාධ්‍යස්ථානය
    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය - අනුරාධපුරය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.