අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන වෙනුවෙන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා රැසක් ක්‍රියාත්මක කරයි.

    මාර්තු 19, 2019

    ප්‍රවෘත්ති නිවේදනයයි

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන වෙනුවෙන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා රැසක් ක්‍රියාත්මක කරයි.”- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    “රට වෙනුවෙන් එකට සිටිමු”ජාතික සංවර්ධන වැඩසටහනේ පළමු ජාතික වැඩසටහන ඊයේ (18) දින පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර එය මාර්තු මස 22 දක්වා ක්‍රියාත්මකයි.


    මෙම ජාතික වැඩසටහන වෙනුවෙන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් මහජන සේවා රැසක් ඊයේ (18) ක්‍රියාත්මක කරන ලදී. වකුගඩු නිවාරණ ජාතික වැඩසටහන, ගෙවතු වගා සංවර්ධන වැඩසටහන, ළමා අපචාර හා ළමා හිංසන පිටු දැකීමේ වැඩසටහන්, කාන්තා දිරිගැන්වීමේ වැඩසටහන්, ග්‍රාමීය ආර්ථික වැඩසටහන් ඊට අදාළ වූ අතර රාජ්‍ය අමාත්‍යාංශ හා එම ආයතන විසින් සිදු කරන මහජන රාජකාරී කටයුතු ද අදාළ අමාත්‍යාංශවල නිලධාරීන්ගේ සහයෝගයෙන් මහජන සේවාවන් රැසක් ඉටු කිරීමට සමත්විය.


    විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය ආර්ථික කටයුතු දියුණු කිරීම සඳහා මගපෙන්වීම මෙම වැඩසටහනේ විශේෂත්වයකි. ග්‍රාමීය කොහු කර්මාන්තය, ගෙවතු වගාව, මල් පැල වගාව, කොහු ඉදල් කර්මාන්තය ආදී ග්‍රාමීය ආර්ථික කටයුතු දියුණු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ දිරි ගැන්වීමද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන ග්‍රාම ශක්ති වැඩසටහන, සුරකිමු දරුවන්, වකුගඩු රෝග නිවාරණ, පාරිසරික හා කැළි කසල ඉවත් කිරීම් ව්‍යාපෘතිද මෙම වැඩසටහනට ඇතුලත් කර තිබේ


    සතියක් පුරා ක්‍රියාත්මක මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් ඩී.එම්.ඒ.කේ.දිසානායක මහතා පැවසූයේ “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහනට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සියලු මහජන සේවා ඉටු කිරීමේදී රජයේ අමාත්‍යාංශ හා ඊට අනුබද්ධ ආයතනවල සේවාවන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීම ජනතාවට විශේෂ සහනයක් බවයි. එමෙන්ම ග්‍රාමීය ආර්ථික කටයුතු දිරිමත් කිරීම මෙන්ම ප්‍රදේශයේ පාසල්, රාජ්‍ය නිලධාරීන් මහජන සේවාවන් පිලිබඳ දැනුවත් කිරීමද මෙම වැඩසටහන තුළින් ඉටු කිරීම ඉතා වැදගත් බවද ප්‍රාදේශීය ලේකම් වරයා අවධාරණය කළේය.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.