අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය නිවේදනය- පාර්ලිමේන්තුව තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති කර නොගෙන කටයුතු කිරීම ගැන ස්තූතියි

    නොවැම්බර් 20, 2018

    පාර්ලිමේන්තුව තුළ ඇතිවෙමින් පැවති අර්බුදකාරී තත්ත්වය නිමා කිරීම සඳහා ඊයේ දින සර්ව පාක්ෂික හමුවේ දී තමන් විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශනයන් නිවරැදි ලෙස අනුගමනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟත්වය පළ කිරීම පිළිබඳව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය බලවත් ප‍්‍රසාදය පළ කරයි.

    ගරු ජනාධිපතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථානුකූලව තමන් වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව නව අග‍්‍රාමාත්‍යවරයකු සහ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ඇතැම් පාර්ශ්වයන් විසින් පාර්ලිමේන්තුව තුළ මතු කරන ලද අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ප‍්‍රථමයෙන්ම ජනාධිපතිතුමා විසින් තම අවධානය යොමු කරන ලදී.

    ඒ අනුව 2018-11-15 වන දින සහ 2018-11-18 වන දින පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ රැස්වීම් දෙකක් කැඳවමින් ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබූයේ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කර නොගෙන ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් අනුව අවශ්‍ය කටයුතු කරන ලෙසයි.

    ඊයේ දිනයේ පැවති සර්ව පාක්ෂික හමුවේ දී ජනාධිපතිතුමා විසින් කරන ලද ඉල්ලීමට අනුව අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමටත්, අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් එය පාර්ලිමේන්තුව අනුගමනය කරන්නා වූ සම්ප‍්‍රදායන්ට අනුගතව නියමානුකූලව සිදු කිරීමට සහ පාර්ලිමේන්තුව තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇති කර නොගෙන කටයුතු කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සියලුම දේශපාලන පක්ෂ නායකයන්ට සහ සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ස්තූතිය පළ කර සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.