අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බන්ධනාගාර නේවාසික නැටුම් කණ්ඩායම වෙස් ගැන්වීම

    මැයි 01, 2014

    2014 වර්ෂයේ බන්ධනාගාර නේවාසික නැටුම් කණ්ඩායමේ වෙස් ගැන්වීමේ උත්සවය පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) වැලිකඩ බන්ධනාගාර එළිමහන් වේදිකාවේ දී සිදු කෙරිණි.


    බන්ධනාගාරයේ වෙස් ගැන්වූ නැටුම් කණ්ඩායම් අතරින් 18 වෙනි නැටුම් කණ්ඩායම මෙයයි. එහි සාමාජිකයන් 20 දෙනෙකි. මෙම සිරකරුවන් දීර්ඝ කාලීනව සිරදඬුවම් විඳිමින් සිටින රැඳවියන් වන අතර මොවුන් උඩරට නැටුම් කලාව ප‍්‍රගුණ කර ඇත.


    මෙම නර්තන කණ්ඩායමේ පුහුණුකරු හා එය භාරව කටයුතු කරන ලද්දේ සිර දඬුවම් විදින ප‍්‍රවීණ උඩරට නර්තන ශිල්පියෙකු වන, හොඳම සිරකරු ලෙසත් ජනාධිපති සම්මානයට ද පාත‍්‍ර වූ ජයසිරි රාජාංගන නමැත්තායි.


    මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ගාමිණී ජයසිංහ මහත්වරුන් ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.


    NDH

    DSC 6777

    DSC 6915

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya