අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පනාමුර කුංචනාදය ඔපෙරාව නෙලුම් පොකුණේ දී දින තුනක්

    අප්‍රේල් 29, 2014

    නවරත්න ගමගේ ප්‍රවීණ සංගීතඥයාගේ "පනාමුරේ කුංචනාදය" ගී නළුව (ඔපෙරාව) මැයි 30, 31 සහ ජූනි 01 දිනවල නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාවේ දී රංගගත වේ.


    ප්‍රකට පනාමුරේ ඇත්රාජාගේ කතා පුවත පිළිබඳ වසර තුනක් තිස්සේ කරන ලද පුළුල් පර්යේෂණයකින් අනතුරුව මේ ගී නළුව රංගගත කරන බව නවරත්න ගමගේ සූරීන් පවසයි. යටත්විජිත සමයේ අවසන් භාගයේ යටපත් කර දමන ලද සුවිශේෂී සිදුවීමක් මින් පිළිබිඹු කරයි.


    ලබන මැයි 8 වැනි දා නවරත්න ගමගේ සූරීන්ගේ වෙබ් අඩවිය සහ පනාමුර කුංචනාදය වෙබ් අඩවිය ද අන්තර්ජාලයට එක් කිරීමට සූදානම් බව ඔහු රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    මේ වෙබ් අඩවි එළි දැක්වීමේ උළෙල මැයි 8 වැනි දා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ "කමත" හිදී පස්වරු 5.30ට ආරම්භ කෙරේ. එයට සහෘදයින්ට එක්වන ලෙස සංගීතඥ නවරත්න ගමගේ ආරාධනා කර සිටී.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya