අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ජාතික සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙල මහනුවරදී

    අප්‍රේල් 28, 2014

    2014 ජාතික සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙල මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදන බවත් සැප්තැම්බර් 01 සිට 07 වැනි දින දක්වා වූ කාලය සාහිත්‍ය සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පැවසීය.


    "කලා කෙතයි අපේ කමයි" යන තේමාව යටතේ පවත්වන මෙවර සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙලේ අරමුණ වන්නේ නිවහල් මිනිසෙක් නිර්මාණය කිරීමෙන් භෞතික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික වශයෙන්ද පෝෂණය වූ සංවේදී හා සෞන්දර්යාත්මක සමාජයක් බිහිකිරීම බව ද ඔහු කීය.

     

    අමාත්‍යවරයා මේ අදහස් පළකරන ලද්දේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති ජාතික සාහිත්‍ය කලා ප්‍රසාදිනී උළෙලේ සංවිධාන කමිටු සාකච්ඡාවේදීය.

     

    ගැටඹේ මහානාම විද්‍යාලයේදී මෙවර උත්සවය පැවැත්වෙන දින 07 තුළ දිවයිනේ ප්‍රමුඛ පොත් ප්‍රකාශකයින්ගේ පොත් ප්‍රදර්ශන හා අලෙවි කුටි 50කට අධික සංඛ්‍යාවක් උළෙල පැවැත්වෙන භූමියේ ස්ථාපිත කිරීමට නියමිතය. රජයේ විවිධ අමාත්‍යංශ විසින් ඉදිරිපත් කරන ප්‍රදර්ශන කුටි රැසක්ද මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කරනු ඇත. සැප්තැම්බර් 07 වැනි දිනට යෙදෙන උත්සවයේ සමාප්ති උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    මීට අමතරව සාහිත්‍ය දේශන, නාට්‍ය දර්ශන, සංස්කෘතික නර්තන ප්‍රසංග, රස වින්දන වැඩසටහන් සහ චිත්‍රපට ප්‍රදර්ශන ඇතුළු තවත් සංස්කෘතිකාංග රැසක්ද මෙහිදී පැවැත්වේ.

     

    උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මහනුවර දිසාපති එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු රජයේ නිලධාරීහු රැසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ.

     

    NDH/TA_dmu_kandy_dmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya