අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි කාලයේ වේදිකා නාට‍්‍ය කලාවේ දැවැන්ත පෙරළියක් - ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල්

    ජනවාරි 13, 2023

    ඉදිරි කාලයේ වේදිකා නාට‍්‍ය කලාවේ දැවැන්ත පෙරළියක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව සංස්කාතික අමාත්‍යාංශයේ ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස් දිසානායක මහතා පවසයි.

     

    ඒ මහතා මේ බව පැවසුවේ අද(13) ශ්‍රි ලාංකේය නාට්‍ය වංශයේ ප්‍රගමනය උදෙසා ටවර්හෝල් නාට්‍ය සම්ප්‍රදායේ සිදු වු බලපෑම සහ ශ්‍රි ලාංකේය නාටය වංශයේ හෙට දවස වෙනුවෙන් කුමක්ද කළ යුතුද? යන්න මාධ්‍ය කතිකාවට එක්වෙමිනි.

    1911 වර්ෂයේ දි ආරම්භ වු ටවර්හෝල් රංඟ ශාලාවේ පළමුව වේදිකා ගත වුයේ පණ්ඩුකාභය නම් වේදිකා නාට්‍යයයි.ජනසමාජයට යහපත් පුද්ගලයෙක් නිර්මාණය කිරිමේ අරමුණින් ජෝන් සිල්වා ,චාල්ස් ඩයස් වැනි නාට්‍යකරුවන් බෞද්ධ තේමාවන්,වෙනත් ආගමික නාට්‍ය මුල්කාලයේ දි නිර්මාණය විය.එසේම පාස්කු නාට්‍ය, රජතුංකට්ටුව වැනි නාට්‍ය ය ද නිර්මාණය විණි.

    වර්තමානය වන විට ටවර්හෝල් නාට්‍ය සමාජ ගත කිරිමේ වැඩපිළිවෙළ යටතේ අගනුවරින් බැහැරව උතුරේ දරුවන්ගේ නිර්මාණශිලිත්වය ඉහළ දැමිමේ අරමුණින් යාපනේ සංදිල්පායි ප්‍රදේහයේ අලුතින් නාටය හා රංග කලා පාසලක් 2022 මැයි 04 වන දින ආරම්භ කෙරිණි.මෙය වේදිකා නාට්‍ය සඳහා දක්ෂ පිටපත් රචකයින්, අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පින් බිහිකිරිමේ අරමුණින් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කිය.

    එසේම මේ වසරේ දි ටවර්හෝල් පදනම රංග කාරණය පිළිබඳ නව පාඨමාලාවක් ආරම්භ කළ අතර එහි දි සහජ දක්ෂතාවයන් හා ඊට උනන්දුවක් දක්වන අයට මෙම පාඨමාලාව හැදෑරිම අවස්ථාවක් ලැබේ.මෙමඟින් NvQ මට්ටම දක්වා යා හැකි බව ද ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස් දිසානායක මහතා පවසයි.

    එසේම භාණ්ඩාගාරයේ මුදල් මත යැපෙන්නේ නැතිව ටවර්හෝල් රඟහල පදනම මඟින් ඉදිරි වසර 2 හා 3 කාලයේ දි ස්වයං ප්‍රාග්ධන උත්පාදනයට කිරිමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.එසේම දුවිඩ නාට්‍ය උළෙලක් පැවැත්විමට ද බලාපොරොත්තු වන බව වැඩි දුරටත් පැවසිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya