අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''සිනමා කතිකාව 2020 ''අද

    පෙබරවාරි 27, 2020

     

    සිනමා ප්‍රේක්ෂකත්වය වර්ධනය කිරීම සහ සිනමා සංස්කෘතිය පෝෂණය කිරීමේ අරමුණින් පැවැත්වෙන සිනමා කතිකාව 2020 වැඩසටහනේ දෙවැනි අදියර ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පෙබරවාරි මස 27 වැනිදා අද පස්වරු 03.00 ට පැවැත්වේ.


    මෙම වැඩසටහනේආරාධිත දේශනය සඳහා සම්පත් දායකත්වය චිත්‍රපටි අධ්‍යක්ෂ සරත් ධර්මසිරි මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා මහතා විසින් සපයන අතර එම දේශන සහ කථිකාව “සිනමා අධ්‍යයනය සහ ප්‍රේක්ෂකයා යන මැයෙන් පැවැත්වේ.


    සිනමා අධ්‍යාපනයෙහි යෙදී සිටින්නන්, සිනමා රසිකයන්, සිනමා කරුවන්ට වැදගත් වන මෙම වැඩසටහන, ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා අධ්‍යාපන ප්‍රවර්ධන හා සංස්කෘතික අංශය මගින් නව මුහුණුවරකින් මාසිකව සිදු කිරීමට නියමිතය.


    මෙම වැඩසටහනට සමගාමීව ක්වෙන්ටින් ටැරන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ “ Once Upon a Time in Hollywood”චිත්‍රපටය තිරගත වීමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya